ප්‍රමුඛ පුවත 1

ලෝක සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට එයි

(UTV| කොළඹ) – 2018 වසර සඳහා වන ලෝක සාම දර්ශකය දැන් ප්‍රකාශයට පත් කොට ඇත. එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 5ක් ඉදිරියට පැමිණ දර්ශකයේ 67 වන ස්ථානය ලබා සිටියි. ශ්‍රී ලංකාව ලබා ඇති සමස්ත ලකුණු ප්‍රමාණය 1.954කි. එය පසුගිය වසරට සාපේක්ෂව -0.029 ක යහපත් වර්ධනයකි.

ආර්ථිකය සහ සාමයපිළිබඳ ආයතනය විසින් ලොව පුරා රටවල් 163ක් සම්බන්ධයෙන් කරනු ලබ අධ්‍යයනයකින් පසුව මෙම ලෝක සාම දර්ශකය  වාර්ෂිකව ප්‍රකාශයට පත් කරයි. 2018 වසරේ නිකුත් කරන ලද්දේ එහි 12 වන වාර්ෂික වාර්තාවයි.

දකුණු ආසියානු කලාපීය රටවල් අතරින් දෙවන ස්ථානයෙහි රැඳීමට ද ශ්‍රී ලංකාව සමත්ව ඇත. එහි දී දකුණු ආසියාවේ සාමකාමීම රට වශයෙන් ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින්නේ සමස්ත ලකුණු 1.545ක් ලබා ගෙන දර්ශකයේ 19 වන ස්ථානයෙහි පසුවන භූතානය පමණක් වීම විශේෂත්වයකි. නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව,පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් සිටින්නේ සාමකාමීත්වය අතින් ශ්‍රී ලංකාවට වඩා පහළිනි.

2018 ලෝක සාම දර්ශකය අනුව ලෝකයේ සාමකාමිත්වය 0.27%කින් පහත වැටී ඇත. ඒ අනුව රටවල් 92ක සාමකාමිත්වය පහළට වැටී ඇති අතර, සාමකාමීත්වයෙහි වර්ධනයක් පෙන්නුම් කරනුයේ රටවල් 71ක පමණකි. ශ්‍රී ලංකාව ලෝක සාම දර්ශකයේ ඉහළට ඒම වැදගත් වන්නේ එම පසුබිම ද සැලකිල්ලට ගනිමිනි.

ලෝක සාම දර්ශකය වනාහි ලෝකයේ සාමකාමීත්වය පිළිබඳ ප්‍රමුඛතම ලෝක දර්ශකය වෙයි. මෙම වාර්තාව විසින් සාමය පිළිබඳ ප්‍රවණතාවන්, සාමයෙහි ආර්ථික වටිනාකම සහ සාමකාමී සමාජයන් ගොඩනඟන්නේ කෙසේද යනාදී කරුණු පිළිබඳව දත්ත පදනම් කරගෙන කරනු ලබන විශ්ලේෂණයක් ඉදිරිපත් කරන අතර එමගින් ලෝකයේ ජනගහණයෙන් 99.7%ක් ආවරණය කරයි. සමාජීය සුරක්ෂිතතාවයෙහි මට්ටම, දේශීය සහ ජාත්‍යන්න්තර ඝට්ටනයන මට්ටම සහ මිලිටරිකරණයෙහි ප්‍රමාණය යන තේමාවන් ඔස්සේ පිළිගත් මූලාශ්‍රයන් වෙතින් ලබා ගන්නා ගුණාත්මක සහ ප්‍රමාණාත්මක දර්ශකයන් 23ක් මෙම දර්ශකය විසින් භාවිතා කරනු ලබයි.

2008 වසරේ සිට අඛණ්ඩවම ලෝකයේ වඩාත් සාමකාමී රට බවට පත්ව සිටින්නේ අයිස්ලන්තයයි. ඊළඟට පිළිවෙළින් නවසීලන්තය, ඔස්ට්‍රියාව, පෘතුගාලය සහ ඩෙන්මාර්කය මුල් ස්ථාන වල රැඳී සිටියි. ලෝකයේ අඩුවෙන්ම සාමකාමී රට බවට පත්ව තිබෙන්නේ සිරියාවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අල්ලස්, වත්කම් බැරකම් සහ අල්ලස් කොමිෂන් සභා යන පනත් එක් කොට නව පනතක්

Mohamed Dilsad

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරගේ බිරිඳ සහ දියණියට ඇප

Mohamed Dilsad

සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ සේවකයින් පිරිසක් විරෝධතාවක

Mohamed Dilsad

Leave a Comment