(UTV|තායිලන්තය) – උතුරු තායිලන්තයේ ගුහාවක සිර වී සිටින සිසුන් 12 දෙනෙක් සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු සෙවීමේ මෙහෙයුම් දුෂ්කර වී ඇති බව වාර්තාවේ.
ඔවුන් පසුගිය සෙනසුරාදා ගුහාවට ඇතුළු වූ අතර එතැන් සිට ඔවුන් සමග කිසිදු සම්බන්ධයක් නොතිබුණි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 11 ත් 16 ත් අතර පිරිමි ළමයින් දොළොස්දෙනෙකු සහ ඔවුන්ගේ 25 හැවිරිදි පුහුණුකරුයි.
තායිලන්ත නාවික හමුදා කිමිදුම්කරුවන් ඔවුන් සොයා සෝදිසි කිරීම් ආරම්භ කල අතර එම ගුහාව ජලයෙන් යට වීමත් සමඟ එම මෙහයුම් නතර කිරීමට සිදුව ඇත.