ප්‍රමුඛ පුවත 1

දීගදන්තු සොයා ගැනේ

(UTV|දඹුල්ල) – කලාවැව ජාතික වනෝද්‍යානයේ සිටියදී අතුරුදන් වූ බව කියූ දීගදන්තු – 01 හස්තියා දින 10 කට පසුව සොයා ගැනේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ වනජීවි නිලධාරීන් එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව ඊයේ (28) රාත්‍රියේ කහල්ල – පල්ලෙකැලේ රක්ෂිතයේ කන්ද නමින් හැඳින්වෙන ප්‍රදේශයේ සිටියදී මෙම හස්තියා සොයාගෙන ඇති බව අප වාර්තාකරු පැවසීය.

කලාවැව ජාතික වනෝද්‍යානයේ ඇතුන් ගහණයේ සිටි විශාලම ඇතා වන දීගදන්තු – 01 නැමති මෙම සත්වයාගේ වම් පාදයට වෙඩි ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් තුවාල ලබා සිටි අතර පසුගිය 18 වනදා සිට ඇතා සොයා ගැනීමට නොහැකි විය.

සොයා ගැනුණු දීගදන්තු – 01 හස්තියාට මේ වනවිට අවශ්‍ය ප්‍රතිකාර කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාසැල් විෂය බාහිර ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment