ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු වෙනස් කරන ලදැයි කරනු ලබන චෝදනා පදනම් විරහිතයි-මහබැංකුව

(UTV| කොළඹ) – 2007 වසරේ සිට දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු සම්පාදනය කිරීමේ පූර්ණ වගකීම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත. එ සේ වුව ද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු වෙනස් කරන ලද බවට සාමාන්‍ය ජනතාව නො මග යවමින් ඇතැම් පාර්ශ්ව විසින් ප්‍රකාශයන් මාධ්‍ය වෙත  නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කර ඇත.

2006 වසර දක්වා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙන් ම ශ්‍රී ලංකා මහ බැංකුව ද දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු සම්පාදනය කර ප්‍රකාශයට පත් කිරීම සිදු කළේ ය. එ සේ වුව ද, ස්වාධීන ආයතනයක් විසින් දත්ත සම්පාදනය කිරීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් 2007 වසරේ සිට දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු සම්පාදනය කිරීමේ පූර්ණ වගකීම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වෙත පැවරෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය අත්හිටුවන ලදී. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු සම්පාදනය කිරීමට අමතර ව පාරිභෝගික මිල දර්ශක, ශ්‍රම බලකාය, දරිද්‍රතාව ආදී ක්ෂේත්‍රවලට අදාළ දත්ත අන්තර්ජාතික ව පිළිගත් ක්‍රමවේදවලට අනුකූල ව ගණනය කිරීමේ වගකීම දරමින් දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනයට සහාය වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් මෙ වැනි දත්ත පරිශීලනය කරන ප්‍රධාන ආයතනයක් ලෙස එම දත්ත ආර්ථික විශ්ලේෂණ සහ මුදල් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා යොදා ගනී.

එ හෙයින්,  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු වෙනස් කරන ලදැ යි කරනු ලබන චෝදනා මුළුමනින් ම පදනම් විරහිත වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යාපනයේ සිදුවූ අනතුරකින් කාන්තාවක් මිය යයි.

Mohamed Dilsad

ජන බලයට පැමිණි පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

ඉදිරි නියං තත්වයට රජය මුහුණ දිට යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ සාකච්චාවක්

Mohamed Dilsad

Leave a Comment