ප්‍රමුඛ පුවත 1

අද සිට සිවිල් ඇදුමින් දුම්රිය ආරක්ෂක නිළධාරීන් යොදවයි

(UTV|කොළඹ) – විශේෂයෙන් දුම්රිය මැදිරි ඇතුලත වන විනාශකාරී ක්‍රියාවන් වැළැක්වීම සඳහා අද (02) සිට සිවිල් ඇදුමින් දුම්රිය ආරක්ෂක නිළධාරීන් යොදවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කෝටි ගණන් වියදම් කර ජනතාවට දුම්රිය සේවා ලබාදීමට වත්මන් රජය කටයුතු කරන බවත්, එසේ රජය කටයුතු කරන විටදී මහජනතාවගේද මෙම දුම්රිය සේවාව රැකගැනීමට වගකීමක් හා යුතුකමක් තිබෙන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා අවධාරණය කරයි.

දේශීය නිශ්පාදකයින් විසින් නවීකරණය කරන ලද මැදිරි 10 කින් යුතු විශේෂ දුම්රිය අද (02) දින පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයෙන් මාතර බලා පිටත්කිරීමට අදාළව සංවිධානය කර තිබු උත්සව අවස්ථාවකට සහභාගීවෙමින් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

යම්කිසි අයකු මෙලෙස දුම්රිය තුළ විනාශකාරී ක්‍රියාවන්වල යෙදී අසුවුවහොත් පොදු දේපළ විනාශ කිරීමේ පනත යටතේ සිර දඩුවම් ලබාදීමටත්, සිදුවු අලාභය අයකර ගැනීමටත් කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

පැරණි අබලන් වු දුම්රිය මැදිරි 200 ක් පූර්ණ පහසුකම් සහිතව නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් 2017 වසරේ ජනවාරි මස ආරම්භ කළ අතර මේ වන විට දුම්රිය මැදිරි 25 ක් නවීකරණය කොට ධාවනය සඳහා යොදා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යුද්ධ හමුදාවෙන් නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින අයවළුන්ට රැකවරණයදීම දඩුවම් ලැබිය හැකි වරදකි

Mohamed Dilsad

ඇමති රංජන් ගැන අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණයක් ගනීද?

Mohamed Dilsad

සුහද ගම්ලත් ඉල්ලා අස් වෙන බව දැන්වුවා – අධිකරණ ඇමතිනි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment