(UTV|ඉන්දියාව) – ඉන්දියාවේ දිල්ලිහි නිවසක එකම පවුලක සාමාජිකයින් 11 දෙනෙක් මියගොස් සිටියදී සිරුරු සොයා ගැනේ
ඔවුන්ගෙන් 10 දෙනෙකු සිවිලිමේ එල්ලී මිය ගොස් සිටි බව එරට පොලිසිය පවසයි.
වයස අවුරුදු 70 ක පමණ වූ කාන්තාවක් බිම වැතිරී සිටියදී සොයා ගැනුණි.මියගිය අයගෙන් වැඩි දෙනෙකුගේ දෑස් බැඳ දෑත් පිටුපසට වන්නට බැඳ තිබිණි.
ඊයේ උදෑසන කිරි රැගෙන ආ අසල්වැසියෙකු විසින් මෙම මළ සිරුරු දැක තිබේ.
මරණයට හේතුව කුමක් ද යන්න මෙතෙක් පැහැදිලි නොමැත.
එහෙත් ඔවුන්ගේ පවුල විසින් “ගුප්ත ඇදහිලි” සිදුකර ඇති බවට සාක්ෂි සොයාගෙන ඇත.
අසල්වැසියන්ගෙන් ප්රශ්න කිරීම සහ CCTV දර්ශන පරීක්ෂා කිරීම සඳහා පොලිසිය පියවර ගෙන් ඇත.
[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/07/SUICIDE-INDIA-02-UTV-NEWS.jpg”]
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]