ප්‍රමුඛ පුවත 1

විශ්‍රාමික, ආබාධිත රණවිරුවන් සඳහා සේවා විශ්‍රාම වැටුපක්

(උදයම්,කොළඹ)  –  වසර 12 කට අඩු සේවා කාලයක් සපුරා ඇති විශ‍්‍රාමික ආබාධිත රණවිරුවන් සදහා සේවා විශ‍්‍රාම වැටුප් ප‍්‍රදානය ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ(14) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ති‍්‍රවිධ හමුදාවේ 2261 දෙනෙකු සහ පොලීසියේ 136 දෙනෙකු වෙනුවෙන් මෙම සේවා විශ‍්‍රාම වැටුප් ප‍්‍රදානය කෙරෙන අතර එය සංකේතවත් කරමින් 150 දෙනෙකු වෙත සේවා විශ‍්‍රාම වැටුප් ප‍්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු විය.

වසර 12 ක සේවා කාලය අවසන් කර විශ‍්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට හිමි වන සේවා විශ‍්‍රාම වැටුප වසර 12 ක් සම්පූර්ණ නොකර ස්ව කැමැත්තෙන් විශ‍්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට මෙතෙක් හිමි නොවු අතර වසර 08 ක් පුරා සිදුකෙරුණු එම ඉල්ලීම කෙරෙහි ද මෙතෙක් කිසිවෙකුගේ අවධානය යොමු නොවුණි.

මෙම සේවා විශ‍්‍රාම වැටුප වසර 12 කට අඩු කාලයක් සේවයේ නියුතු රණවිරුවන්ට ලබාදීම සන්නද්ධ හමුදා විශ‍්‍රාම වැටුප් හා පාරිතෝෂික ව්‍යවස්ථා සංග‍්‍රහයේ ප‍්‍රතිපාදනවලට අයත් නොවුනද මේ පිළිබද කළ ඉල්ලීම් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ ජනාධිපතිතුමා අදාළ කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව මෙම සේවා විශ‍්‍රාම වැටුප ඉතිහාසයේ ප‍්‍රථම වරට මෙම රණවිරුවන්ට ලබාදීමට පියවර ගනු ලැබීය.

 

Related posts

ප්‍රමිතියෙන් තොර ගිනීකූරු සහ යකඩ කූරු තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

නවීන තාක්ෂණය ඔස්සේ කෘෂි කර්මාන්තය දියුණු කලයුතුයි [VIDEO]

Mohamed Dilsad

ගෝඨාභය ඇතුළු 07 කට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නොතිසි

Mohamed Dilsad

Leave a Comment