ක්‍රීඩා

2018 කනිෂ්ඨ ආසියානු කී‍්‍රඩා උළෙලේ පදක්කම් ලාභී කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ජනපතිගේ ඇගයීමට

(UTV| කොළඹ) – 2018 ජූනි මාසයේදී ජපානයේ ජීෆු නගරයේ පැවති 2018 කනිෂ්ඨ ආසියානු කී‍්‍රඩා උළෙලේ පදක්කම් ලාභී ශ‍්‍රී ලාංකික කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිිරිසේන මැතිතුමා හමුවිය.

මෙම කී‍්‍රඩා උළෙලේදී රන් පදක්කම් 03 ක්, රීදි පදක්කමක් 04 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් හිමිකර ගැනීමට ශ‍්‍රී ලාංකික කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සමත්වූ අතර ඔවුන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඉදිරි කී‍්‍රඩා දිවිය වෙනුවෙන් සිය ආශිර්වාදය ද පළ කළේය.
මෙහිදී ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් දිරි ගැන්වීම සහ ඔවුන්ගේ ඉදිරි ගමන වෙනුවෙනුත්, කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙනුත් රජයෙන් ලබාදිය හැකි සෑම පහසුකමක්ම ලබාදෙන බවයි.

මේ අතර මෙම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සහ අනෙකුත් පහසුකම් සැපයීම වෙනුවෙන් දායකත්වය දැක්වීමට පෞද්ගලික ආයතන කිහිපයක් ද ඉදිරිපත්ව සිටින අතර ඔවුන් වෙනුවෙන් ද ජනාධිපතිතුමා සිය ස්තූතිය පිරිනැමීය.

කී‍්‍රඩාව සඳහා අනුග‍්‍රහය දක්වන ආයතන සම්බන්ධයෙන් එම අනුග‍්‍රාහකත්වය මත පදනම්ව බදු සහන ලබාදෙන ලෙස කළ ඉල්ලීම පිළිබඳව ද අවධානය යොමු කළ ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කර එම යෝජනාව කි‍්‍රයාත්මක කිරීමට ඉදිරි පියවර ගන්නා බව සඳහන් කළේය.

ඉදිරියේදී පැවැත්වෙන 2020 ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සහ 2024 ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී ශී‍්‍ර ලංකාවට පදක්කමක් දිනාගැනීම ප‍්‍රධාන අරමුණයි. මෙම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඇගයීමට ලක්කිරීම තුළින් මලල කී‍්‍රඩා සඳහා යොමුවන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ ප‍්‍රමාණය වර්ධනය කළ හැකි බවත් එමෙන්ම මලල කී‍්‍රඩාව සඳහා නව පිබිදීමක් රට තුළ ඇති කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

2018 කනිෂ්ඨ ආසියානු කී‍්‍රඩා උළෙලේ පදක්කම්ලාභීන් වන අකුරම්බොඩ, වීරකැප්පෙටිපොළ මධ්‍ය මහා විද්‍යාලයේ එස්.අරුණ දර්ශන, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ පී.එම්.පී.එල්. කොඩිකාර, කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ කේ.පී.ටී. ආර්. රවිශ්ක ඉන්ද්‍රජිත්, කොළඹ නාලන්දා විද්‍යාලයේ ජී.ඞී.කේ.කේ. පබසර, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පාරමී වසන්ති මාරිස්ටෙලා, වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ කේ.ජී. දිල්ෂි කුමාරසිංහ, මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ අමාශා ද සිල්වා, වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සචිනි තාරකා දිව්‍යාංජලී, නුගේගොඩ ලියිසියම් ජාත්‍යන්තර පාසලේ රුමේෂා ඉෂාරා අත්තිඩිය යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මෙම හමුවට එක්ව සිටියහ.

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සහ කී‍්‍රඩා අමාත්‍යාංශයේ නිලධාරින් ද පදක්කම්ලාභී කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ දෙමාපියන්, විදුහල්පතිවරුන්, පුහුණුකරුවන් ඇතුළු පිරිසක් ද මීට එක්වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලබන වසරේ සිට අයි.පී.එල් තරගාවලියේ වෙනසක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා සංගම්වලට අදාළ ව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත්කර තිබෙන රෙගුලාසි අඩංගු ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අද (27) අතුරු නියෝගයක් නිකුත්කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා සංගම් කිහිපයක් ඉදිරිපත්කළ පෙත්සම් සලකාබැලීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කළේය.

Mohamed Dilsad

ශ්‍රී ලංකා – ඉන්දියා 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද

Mohamed Dilsad

Leave a Comment