ප්‍රමුඛ පුවත 1

දේශීය පලතුරු ගොවියා රැක ගැනීමට සම්බන්ධයෙන් රජයේ අවධානය

(UTV| කොළඹ) – දේශීය පලතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

ආනයනික පලතුරු හේතුවෙන් දේශීය පලතුරු ගොවියාට එල්ලවී ඇති අභියෝගය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, ඒ පිළිබඳ අනුගමනය කළයුතු ක‍්‍රමවේදයන් පිළිබඳව ද සාකච්ඡාවට ලක්විය.

දේශීය පලතුරු ගොවියා නඟා සිටුවීම වෙනුවෙන් කි‍්‍රයාත්මක කළයුතු වැඩපිළිවෙළ පිළිබදව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වූ අතර ව්‍යවසායකයින් වශයෙන් ඔවුන්ට සිය කර්මාන්ත ඉදිරියට පත්වාගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

රසයෙන්, ගුණයෙන් ඉහළ මෙන්ම ජනතාවගේ සෞඛ්‍ය මට්ටම ඉහළ නංවන දේශීය පලතුරු පරිභෝජනය පිළිබඳ ජනතාව නැඹුරු කිරීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පැහැදිලි කළේය.

අස්වනු නෙළන සමයේදී වැඩිපුර ලැබෙන අස්වැන්න කල්තබා ගැනීම සඳහා විකල්ප තාක්ෂණික ක‍්‍රමවේදයන් පලතුරු ගොවින්ට හඳුන්වාදීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් කඩිනමින් කි‍්‍රයාවට නංවන ලෙස ද ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

සතුන්ගෙන් වගාවන් සඳහා සිදුවන හානි අවමකර ගැනීම සඳහා ගත හැකි පියවරයන් පිළිබඳව ද සාකච්ඡාවට ලක්විය.

අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතා ද, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩි.එන්. රංජිත් අශෝක, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී. විජේරත්න යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිස්ත්‍රික්ක රැසකට හෙට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

යතුරු පැදි අනතුරකින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

පතාලයට සම්බන්ධ අරුණි බබා සහ තෙල් චූටි අත්අඩංගුවට ගත් හැටි

Mohamed Dilsad

Leave a Comment