විදෙස්

ලෙන තුල සිරවුණු සිසුන් බේරා ගැනීම අසීරු වන ලකුණු

(UTV|තායිලන්තය) – තායිලන්තයේ තාම්-ලූඅන් වනගත ලෙන් සංකීර්ණයේ සිරවී සිටින තායි යොවුන් පාපන්දු කණ්ඩායමේ දොළොස් දෙනා ඉන් ඉවතට ගැනීම  තවදුරටත් අභියෝගයක් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි .

පසුගිය ජුනි 23 වැනිදා ඔවුන් පාපන්දු පුහුණුකරු සමඟ මීටර් 400ක් පමණ ලෙන තුළට ගොස් තිබේ.

ඊට හදිසියේ ජලය පිරීම නිසා ඔවුන් එහි සිර වූ අතර, දින 9කට පසු ඔවුන් වෙත ජීවිතාරක්ෂකයන් ළඟාවූයේ ඊයේ දිනයේදියි.

කෙසේ නමුත්, ලෙන තුළ තවදුරටත් ජලය පැවතීම නිසා ඔවුන් ඉන් ඉවතට ගැනීමට නම් කිමිදීමට උගත යුතු බව සඳහන්.

එසේ නැතහොත් ලෙනෙහි ජලය සිඳෙන තුරු මාස 4ක පමණ කාලයක් බලා සිටීමට සිදුවනු ඇති.

කෙසේ නමුත්, මෙම ළමයින් පිරිසට මාස 4කට ප්‍රමාණවත් ආහාර එහි යැවීමට තායි බලධාරීන් කටයුතු යොදා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව දිල්ලි නුවර වෙඩි තැබීමක්

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

කොවිඩ් 19 අප්‍රිකානු කලාපයට – මරණ සංඛාව 1500 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment