ප්‍රමුඛ පුවත 1

විජයකලා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නයි අගමැති ජනපතිගෙන් ඉල්ලයි

(UTV| කොළඹ) – රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් ඇයගේ අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත්කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ ඇය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ අවසන් වනතුරුය.

රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් LTTE සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට සිදුකළ ප්‍රකාශය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ පවතින නීතිය උල්ලංඝනය වී ඇත්ද යන්න විමර්ශනය කොට අදාළ නීතිමය පියවර ගන්නා ලෙස කථානායකවරයා විසින් නීතිපතිවරයාට ද දැනුම් දී ඇත.

කෙසේ වෙතත්  දෙමළ ජාතික සන්ධානය පවසන්නේ  විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය පවසන පරිදි එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතුය යන මතයේ උතුරේ ජනතාව නොමැති බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය හරීනක් ප‍්‍රනාන්දු මහතා කියා සිටියේ විනය පරීක්ෂණයක් සඳහා ඇය අද දින කැඳවා ඇති අතර ඉන් අනතුරුව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි.

මේ අතර, රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අනිද්දා සියලුම රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක්

Mohamed Dilsad

සජිත්ගේ සහයට එස්.බී නාවින්නත් එක්වෙයි [VIDEO]

Mohamed Dilsad

ජනප්‍රිය ගායන ශිල්පී රෝයි පීරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment