ප්‍රමුඛ පුවත 1

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය සහ සිවිල් සමාජ සංවිධාන අතර අවබෝධතා ගිවිසුමක්

(UTV| කොළඹ) – ජාතික සමගිය හා සහජීවනය ප්‍රචලිත කිරීමේ වැඩසටහන් බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය (ONUR) සහ සිවිල් සමාජ සංවිධාන 22ක් අතර අවබෝධතා ගිවිසුමක් පසුගිය දා ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේදී අත්සන් කෙරුණි.

“අතීතය සුවපත් කරමු – අනාගතය ගොඩනගමු’’ ව්‍යාපෘතිය සහ ඒ හා සබැඳි වැඩසටහන් ක්‍රියාවට නැංවීම සඳහා රාජ්‍ය ක්‍රියා පටිපාටින්ටවලට අනුකූලව තෝරාගත් ජාතික මට්ටමේ හා දිස්ත්‍රික් මට්ටමේ සිවිල් සමාජ සංවිධාන 22ක් අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කර ඇති අතර ඔවුන්ගේ සක්‍රීය දායකත්වය අඛණ්ඩව ලබාගැනීමට සැලසුම් කර ඇත.
“අතීතය සුවපත් කරමු – අනාගතය ගොඩනගමු’’ ව්‍යාපෘතිය යාපනය, අනුරාධපුරය, රත්නපුර, අම්පාර, මඩකලපුව, ගාල්ල, කළුතර, කිලිනොච්චිය, කුරුණෑගල, මන්නාරම, මාතර, මොනරාගල, මුලතිව්, නුවරඑළිය, පුත්තලම, ත්‍රිකුණාමලය, වව්නියාව ද ඇතුළුව දිස්ත්‍රික්ක 17ක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණු අතර, සංහිඳියා ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම සඳහා දිස්ත්‍රික් මට්ටමින් රාජ්‍ය නිලධාරින් හා සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගෙන් සමන්විත පුහුණු සංචිතයක් ඇති කිරීම, ජාතික එකමුතුව හා සහජීවනය ගොඩනැගීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් ගම් මට්ටමින් ක්‍රියාවට නැංවීම, දැනුවත් කිරීමේ වැඩසටහන්වලින් පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ප්‍රජාව තුළින් නිර්මාණය වන සංහිඳියා අරමුණු කරගත් ක්‍රියාකාරකම් ක්‍රියාවට නැංවීම සහ ජාතික මට්ටමේ හා දිස්ත්‍රික් මට්ටමේ රාජ්‍ය ආයතන හා සිවිල් සමාජ සංවිධාන අතර සහයෝගීතාවය වර්ධනය කිරීම ප්‍රධාන වේ.
ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් එම්.එස්. ජයසිංහ මහතා සහ ජාතික මට්ටමේ හා දිස්ත්‍රික් මට්ටමේ සිවිල් සමාජ සංවිධාන 22 හි නියෝජිතයන් මෙම අවස්තාව සඳහා සහභාහි වූ විශේෂ අමුත්තන් අතර වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභයගේ නඩුවට අදාළව විශේෂ මහාධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

රොහාන් දළුවත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ගාමිණී සෙනරත් ඇතුළු තුන්දෙනා ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment