ප්‍රමුඛ පුවත 1

පුද්ගල ජාවාරම් පිළිබඳ වාර්තාවේ දෙවන තැන ශ්‍රී ලංකාවට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාව දෙවන වරටත් එක්සත් ජනපද පුද්ගල ජාවාරම් පිළිබඳ වාර්තාවේ ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයට පත් වෙයි.

2018 ජූනි මස 28 වනදා මෙම වාර්තාව නිකුත් කර ඇති අතර පුද්ගල ජාවාරමට එරෙහිව රජයේ නියෝජිත ආයතනය මගින් ගන්නා ලද පියවර සැළකිල්ලට ගනිමින් පසුගිය වසරේදී දෙවන ස්ථානයට ශ්‍රී ලංකාව උසස් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාව 2013 වසරේ සිට 2016 වසර දක්වා අඛන්ඩව වසර හතරක් දෙවන ස්ථානය හිමිකරගැනීම සඳහා වන නිරීක්ෂණ ලැයිස්තුවේ රැඳී සිට ඇත.

2000 වසරේ සම්මත කරගනු ලැබූ එක්සත් ජනපද පුද්ගල ජාවාරම් වින්දිතයන් ආරක්ෂා කිරීමේ සංශෝධිත පනතට අනුව පුද්ගල ජාවාරම පිළිබඳ මෙම වාර්තාව සකස් කරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලැබුණු අමාත්‍යධූර වරප්‍රසාදයක් නෙමෙයි වගකීමක් – ජනාධිපති [VIDEO]

Mohamed Dilsad

උග්‍ර වල් නාශක පැකට් 4205 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

පාකිස්තාන ජාතකයින් දෙදෙනෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment