විදෙස්

ඇමෙරිකාවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

(UTV|ඉරානය) – ඉරාන ජනාධිපති හසන් රුහානි ඇමෙරිකාවට තර්ජනය කර තිබේ.

ඒ තම රටේ බොරතෙල් අපනයන නතර කිරීමට අමෙරිකාව පියවර ගතහොත් කලාපයේ සෙසු රටවල බොරතෙල් අපනයනය ද නතර කිරීමට පියවර ගන්නා බවටයි.

ඉරාන බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ  ඇමෙරිකාව ඉරානයට එරෙහි පියවර ගතහොත් මැදපෙරදිග කලාපයේ බොරතෙල් ප්‍රවාහන නැව් යොදාගන්නා ප්‍රධාන මුහුදු මාර්ගයක් අවහිර කරන බවටයි.

ඉරාන ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ඉරානයේ බොරතෙල් අපනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට පියවර ගන්නා බවට ඇමෙරිකාව පවසා ඇත්තේ එහි ප්‍රතිවිපාක පිළිබඳ කිසිදු අවබෝධයකින් තොරව බවයි.

ඉරානයෙන් බොරතෙල් අපනයනය ලබන නොවැම්බර් 4 වැනි දින සිට නතර කිරීමට පියවර නොගතහොත් එම රටවලට එරෙහිව සම්බාධක පනවන බව ඇමෙරිකාව මීට පෙර කියා සිටියේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විරාත් කෝලිට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

ජමාල් කශෝගි ඝාතකයින්ට මරණ දඬුවම

Mohamed Dilsad

ලන්ඩන් බ්‍රිජ් ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාරගනී

Mohamed Dilsad

Leave a Comment