ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල යළි ඉහළට

(UTV| කොළඹ) – ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ.

රජය ගත් තීරණයකට අනුව, රුපියල් 137 ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 08 කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව, එහි නව මිල වන්නේ රුපියල් 145 ක්. රුපියල් 148 ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 07 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 155 ක් වේ.

රුපියල් 09 කින් ඔටෝ ඩීසල් ලීටරයක මිල ඉහළ නංවා ඇත.

ඒ අනුව රුපියල් 109 ක්ව පැවති ඞීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 118 කි.

එසේම රුපියල් 119 ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 10 කින් ඉහළ දමා ඇත.ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 129කි.

මීට පෙර පසුගිය මැයි මස 10 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් ලීටරයක රුපියල් විස්සකින් ඉහළ දැමුණි.

එදින ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 14 කින් ඉහළ දැමුණු අතර, සුපර් ඞීසල් ලීටරයක මිල ද රුපියල් 9 කින් ඉහළ දමා ඇත.

මේ අතර, ලංකා IOC සමාගමද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය ඉන්ධන මිල ඉහළ නංවා තිබේ.

එම මිල ඉහළ නැංවීම සංස්ථා ඉන්ධන මිල ඉහළ නැංවීමට වඩා ඉහළ අගයක් ගනී.

ලංකා IOC  ප්‍රකාශයට පත් කළ නව මිල ගණන් වලට අනුව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 118 කි. එක්ස්ට්‍රා මයිල් ලීටරයක නව මිල රුපියල් 122 ක්වේ.

ලංකා සුපර් ඩීසල් හෙවත් යුරෝ – 04 ලීටරයක නව මිල රුපියල් 129 ක් වන අතර, ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 146 ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ලංකා IOC එක්ස්ට්‍රා පිි‍්‍රමියම් හෙවත් යුරෝ – 3 ලීටරයක නව මිල රුපියල් 149 ක් ලෙසත්, එක්ස්ට්‍රා ප්‍රිමියම් 95 හෙවත් යුරෝ – 04 ලීටරයක නව මිල රුපියල් 158 ක් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිසිය ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට

Mohamed Dilsad

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට මෙරට අධ්‍යාපනය ලැබීමට වැඩපිළිවෙලක්…

Mohamed Dilsad

පලෙයි වෙඩි තැබීමට සැකකරුවකු අල්ලයි

Mohamed Dilsad

Leave a Comment