ක්‍රීඩා

ලෝක කුසලාන සිහිනය බොඳ වුණු උරුගුවේ සහ බ්‍රසීලය

(UTV|රුසියාව) – මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවත් වීමට උරුගුවේ සහ බ්‍රසීල කණ්ඩායම්වලට සිදු විය.

ප්‍රංශ සහ බෙල්ජියම් කණ්ඩායම් සමග පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලින් ඔවුන් පරාජය විය.

රුසියාවේ නිස්නි නොව්ගොරොඩ් ක්‍රීඩාංගණයේදී තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය ප්‍රංශ සහ උරුගුවේ කණ්ඩායම් අතර පැවැත්වුණි.

තරගයේ 40 වැනි මිනිත්තුවේදී ප්‍රංශය ගෝල රැස් කිරීම ආරම්භ කළ අතර ගෝල 1ට 0ක් ලෙස ඔවුන් පළමු අර්ධයේ පෙරමුණ ගත්තේය.

ප්‍රංශය සිය දෙවැනි ගෝලය තරගයේ 61 වැනි මිනිත්තුවේදී වාර්තා කළේ, උරුගුවේ කණ්ඩායමට කිසිඳු ගෝලයක් රැස් කිරීමේ අවස්ථාව අහිමි කරමිනි.

ඒ, අනුව ගෝල 2ට 0ක් ලෙස තරගය ජය ගත් ප්‍රංශය වසර 12කට පසුව ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසියේය.

ඉන් අනතුරුව බෙල්ජියම සමග කසාන්හිදී පැවැති තරගයෙන් නේමාර් ප්‍රමුඛ බ්‍රසීලය පරාජය විය.

බ්‍රසීලයේ ‍ෆර්නැන්ඩීන්යෝගේ අපරීක්ෂාකාරී ක්‍රීඩා විලාසය හේතුවෙන් බෙල්ජියමට ගෝලයක් හිමි වූයේ තරගයේ 13 වැනි මිනිත්තුවේදී ය.

ඉන් අනතුරුව තරගයේ 31 වැනි මිනිත්තුවේදී ඩි බ්‍රොයින් බෙල්ජියම වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කළේය.

බ්‍රසීලය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය රැස් කළේ ඔගස්ටෝ විසිනි.

ඒ, අනුව ගෝල 2ට 1ක් ලෙස බෙල්ජියම තරගය ජය ගත් අතර ඔවුන් 1986 වසරට පසුව ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසි පළමු අවස්ථාව මෙය වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවේ ආරක්ෂිත ප්‍රදේශයක ක්‍රිකට් පුහුණුවීම් ඇරඹීමට යයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා සංචාරයෙන් බෝඩ් ඉවත් කළේ ඇයි?

Mohamed Dilsad

ඉන්දීය පාලක මණ්ඩලය ICC යට එරෙහි වෙයි

Mohamed Dilsad

Leave a Comment