ප්‍රමුඛ පුවත 1

රජයේ විධායක සේවා නිලධාරීන් වර්ජනයකට සුදානම්

(UTV| කොළඹ) – එක්දින සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ විධායක සේවා නිලධාරීන් තීරණය කරයි.

ඒ අනුව ඔවුන් හෙට(11) දිනය තුළ නීති ක්ෂේත්‍රයේ පමණක් සිදුකර ඇති වැටුප් වැඩි කිරීම හේතුවෙන් රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතාව මුල්කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව දීපව්‍යාප්ත සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේය.

රාජ්‍ය ආයතන 19ක විධායක නිලධාරීන් මෙම වැඩ වර්ජනය සඳහා එක වීමට නියමිතය.

මේ අතර වැටුප් විෂමතාව ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ලබන සතිය තුළ වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද තීරණය කර තිබේ.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සාකච්ඡාවක් ලබා නොදුනහොත් වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සුනාමි අනතුරු ඇඟවීම් පිළිබඳ බිය වෙන්න එපා – අපදා අංශ ඉල්ලයි

Mohamed Dilsad

අධි මාත්‍රා මත් පෙති තොගයක් සොයා ගනී

Mohamed Dilsad

ලංකාවේ දිනකට පුද්ගලයින් 245ක් බෝ නොවන රෝග හේතුවෙන් මියයයි

Mohamed Dilsad

Leave a Comment