ප්‍රමුඛ පුවත 1

මත්තල තවත් යන්ත්‍රයක් ගලවයි

(UTV|හම්බන්තොට) – මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ  මගී පර්යන්තයට ඇතුළුවන ප්‍රධාන පිවිසුමේ තිබු ගමන් මලු ස්කෑනර් යන්ත්‍රය අද (11) දින ඉන් ඉවත්කර කොළඹ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමට කටයුතු යොදා තිබේ.

එය මගීන්ගේ ගමන්මලු පරික්ෂා කිරීම සඳහා එහි තිබු එකම ස්කෑන් යන්ත්‍රයයි.

මත්තල ගුවන් තොටුපොළ ආරම්භයේ දී මෙවැනි ස්කෑනර් යන්ත්‍ර 06ක් ගුවන් තොටුපළ පරිශ්‍රයේ ස්ථාන කිහිපයක ස්ථාපිත කර තිබුණි.

විටින් විට එම ස්කෑනර් යන්ත්‍ර අතුරින් 03ක් ඉවත්කර ගෙන තිබේ .

අද(11) දින මගී පර්යන්තයට ඇතුළුවන පිවිසුමේ තිබු ස්කෑනර් යන්ත්‍ර ඉවත්කරනු ලැබූ අතර එය එළෙස ඉවත් කළ සිව්වන (04) ස්කෑනර් යන්ත්‍රයයි.

මේ ආකාරයෙන් මගී පර්යන්තයට ඇතුළු වන ස්ථානයේ තුබූ ස්කෑනර් යන්ත්‍රය ඉවත්කරගැනීම තුලින් ගුවන් තොටුපොල ආරක්ෂාවට තර්ජනයක් ඇති වන බව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවකයින් පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අදත් බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක්..

Mohamed Dilsad

රටේ ආරක්ෂක යාන්ත්‍රණය නැවත බල ගන්වනවා – ගෝඨාභය රාජපක්‍ෂ [VIDEO]

Mohamed Dilsad

දරුවෙකුට මත්පැන් පෙවීමේ සිද්ධියට සම්බන්ධ පියා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment