ප්‍රමුඛ පුවත 1

හැටන් ෆොඩයිස් හරහා ඩයගම ප්‍රධාන මාර්ගයේ ධාවනයට බාධා

(UTV| කොළඹ) – මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අයහපත් කාලගුණයත් සමඟ හැටන් ෆොඩයිස් හරහා ඩයගම ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසීම සහ මාර්ගයට ගලක් පෙරළීම හේතුවෙන් එම මාර්ගයේ  ගමනා ගමන කටයුතු අද(11) සිට තාවකාලිකව නතර කළ බව හැටන් පොලීසිය පවසයි.

එම මාර්ගයේ ‍ෆොඩයිස් වත්ත එන්සි කොටසේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසීම හේතුවෙන් මෙම පියවර ගත් බව පොලීසිය සඳහන් කළේය.

ත්‍රිරෝද රථ සහ යතුරු පැදි පමණක් එම මාර්ගයේ ධාවය කළ හැකි බවත්, බර වාහන ධාවනය සම්පුර්ණයෙන්ම තහනම් කළ බවත්, බර වාහන තලවකැලේ මාර්ගය ඔස්සෙත් ධාවනය කරවන ලෙස හැටන් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

එම මාර්ගයේ හැටන් සිට ඩයගම දක්වාත්, ඩයගම සිට හැටන්  දක්වාත් ගමන් ගන්නා බස් රථ මාර්ගය ගිලා බැසිමට සහ ගලක් පෙරළීමට ලක් වි ඇති ස්ථානය දක්වා ධාවනය කර එතැන් සිට බස් රථවලින් ගමන් ගන්නා මඟින්ව දෙපස නතර කර ඇති බස් රථවලට මාරු කිරීමට හැටන් පොලිසිය රථ වාහන අංශය කටයුතු කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඥාණසාර හිමියන්ට නිදහස – බොදු බල සේනාව.

Mohamed Dilsad

හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව අඩු වේ

Mohamed Dilsad

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment