කලා

The Frozen Fire 2019 ඔස්කාර් සම්මාන උළෙලට

(UTV| කොළඹ) – මෙරට ඉතිහාසයේ පළමු වතාවට 2019 ඔස්කාර් සම්මාන උළෙලේ ප්‍රධාන ධාරාවේ ‘විශිෂ්ටතම සිනමාපටය’ තරඟ අංශය නියෝජනය කිරීමට  අනුරුද්ධ ජයසිංහ මහතාගේ අධ්‍යක්ෂණයක් වන ‘ගින්නෙන් උපන් සීතල’ (The Frozen Fire) සිනමාපටය සැරසේ.

ඔස්කාර් උළෙලට චිත‍්‍රපට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කටයුතු  කරන ඉන්දියානු චිත‍්‍රපට ප‍්‍රවර්ධන සමාගමක් වන All Lights Film Services සමාගම, චිත‍්‍රපටය නරඹා එය  ඔස්කාර් සම්මාන උළෙල සඳහා   ‘හොදම චිත‍්‍රපටය’ යන කාණ්ඩය යටතේ ඉදිරිපත් කිරීමට  සුදුසු යැයි  තීරණය තීරණය කර ඇත.

කමල් අද්දරආරච්චි, රෝහණ විජේවීරගේ චරිතයට පණ පොවන අතර රෝහණ විජේවීරගේ බිරිඳගේ චරිතය සුලෝචනා වීරසිංහ නිරූපණය කරයි. ‘ගින්නෙන් උපන් සීතල‘ (The Frozen Fire) සිනමාපටයේ සෙසු චරිත නිරූපණයෙන් දිල්හානි අශෝකමාලා, ජගත් මනුවර්ණ, සුජීව ප්‍රියාල්, දීපානි සිල්වා, ප්‍රියන්ත සිරිකුමාර, විශ්වජිත් ගුණසේකර, සංජීව උපේන්ද්‍ර, අමල් රත්න ශාන්ත, සමීර හසුන්, චන්ද්‍රසෝම බිංදුහේවා, බුද්ධික ජයරත්න, ප්‍රසන්නජිත් අබේසූරිය, සුරාජ් මාපා, තුසිත් ලක්නාත්, හංසමාලා ජානකී, ජෙහාන් අප්පුහාමි, සුසාන් නිරෝෂන්, ජානක නිලංග, අංජන ප්‍රේමරත්න, මංජුල මොරගහ, චින්තක වාස්, ක්‍රිශාන්ත ජයබාහු, චින්තක කුලතුංග, ජීවනී කාරියවසම්, ලසන්ත ෆ්‍රැන්සිස්, පාලිත අබේරත්න හා බුද්ධික අබේරත්න දායක වෙයි.

‘ගින්නෙන් උපන් සීතල‘ (The Frozen Fire) සිනමාපටයේ කැමරාව ධනුෂ්ක ගුණතිලකගෙන් වන අතර සහාය අධ්‍යක්ෂණයෙන් සමීර හසුන්, කලා අධ්‍යක්ෂණයෙන් උදේනි සුබෝධිකුමාර, අංග රචනයෙන් නාරද දනන්ජි තොටගමුව, සංගීත අධ්‍යක්ෂණයෙන් නදීක ගුරුගේ, සංස්කරණයෙන් රවීන්ද්‍ර ගුරුගේ, විධායක නිෂ්පාදනයෙන් චන්දන සමරකෝන්, රේඛීය නිෂ්පාදනයෙන් ජූඩ් මුතුගල ද නිශ්චල ඡායාරූපකරණයෙන් ධම්මික පතිරත්න ද එක්වන මෙය සිනෙප්‍රෝ සමාගමේ නිර්මාණ කාර්යයක් වන අතර චමත්කා පීරිස්ගේ නිෂ්පාදනයකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉර්ෆාන්ගේ පුත් බාබිල් සිනමාවට

Mohamed Dilsad

සල්මාන්ගෙන් තවත් වාර්තාගත චිත්‍රපටියක් ප්‍රේක්ෂකයන් අතරට

Mohamed Dilsad

වොන්ඩර් වුමන් ඔක්තොම්බර් මුල් සතියේ

Mohamed Dilsad

Leave a Comment