ප්‍රමුඛ පුවත 1

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා අද දිවයිනට

(UTV| කොළඹ) – දෙදින නිළ සංචාරයක් සඳහා තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චන් ඕචා මහතා අද (12) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතය.

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා අද (12) පස්වරුවේ දිවයිනට පැමිනෙන්ණේ ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධානයකට අනුවය.

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ දිවයිනට පැමිණෙන තායිලන්ත අග්‍රාමාත්‍ය  ප්‍රයුත් චන් ඕචා මහතාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පිළිගැනීමට නියමිතය.

එහිදී තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට ගෞරව පිණිස හමුදා උත්තමාචාර හා ආචාර වෙඩි මුර  පැවැත්වීමට ද සැළසුම් කර තිබේ.

අනතුරුව ශ්‍රී ලංකාව හා තාලියන්තය අතර පවතින සබඳතා වර්ධනය කිරීම සඳහා ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

තායි අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපති නිළ නිවසේදී අද රාත්‍රි ‍භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ද සැළසුම් කර තිබේ.

තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

අනාගතයේදී එළඹීමට අපේක්ෂිත ශ්‍රි ලංකාව හා තායිලන්තය අතර නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීම ද තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබේ.

තායි අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට උදෑසන භෝජන සංග්‍රහයක් පවත්වන අතර ඉන් අනතුරුව දෙරටේ ආර්ථික සහයෝගීතාව, වෙළඳාම, ආයෝජනය යන කරුණු මත පදනම් වූ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චන් ඕචා මහතාගේ ශ්‍රී ලංකා සංචාරය තුළ ශ්‍රී දළදා මාලිගාව වැඳපුදාගැනීම මෙන්ම මල්වතු අස්ගිරි පාර්ශව වල මහ නාහිමිවරුන් බැහැ දැකීමට ද නිමිතව තිබේ.

ශ්‍රී ලංකා සංචාරය සනිටුහන් කිරීම පිණිස තායිලන්ත අග්‍රාමාත්‍යවරයා විසින් පේරාදෙණිය උද්භිත උද්‍යානයේ පැලයක් රෝපණය කිරීම ද සිදුකරන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමාත්‍ය දීමනා කප්පාදු කිරීමේ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

“ජගත් පුරවර සමුළුව” අද සිංගප්පුරුවේදී

Mohamed Dilsad

තවත් ආසාදිතයින් 196ක් කන්දකාඩුවෙන්[RELEASE]

Mohamed Dilsad

Leave a Comment