විදෙස්

ශෂිකලා වසර 4 කට සිරගෙට යයි

(උදයම්,ඉන්දියාව)  – අයථා ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් වරදකාරියවූ  තමිල්නාඩුවේ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයේ මහලේකම් වී.කේ. ශශිකලා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ ඇය ඊයේ බැංගලෝර් අධිකරණයට භාරවීමෙන් අනතුරුවය.

එලෙස අධිකරණයට බාරවීම සඳහා අතිරේක කාලයක් ලබාදෙන්නැයි ඇය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියත් ඒ සඳහා අවසර නොලැබුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

අධිකරණයට බාරවී බන්ධනාගාරය වෙත යාමට පෙර වී.කේ. ශශිකලා තමිල්නාඩු හිටපු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ සොහොන වෙත ගොස් උපහාර දක්වා තිබේ.

ජයලලිතාගේ යෙහෙළිය වන ශසිකලා නටරාජන් අධිකරණයට පැමිණීමට පෙර තමා යළිත් දේශපාලනයට පැමිණෙන බවට සිය පාක්ෂිකයන් හමුවී ප්‍රකාශ කල බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර ශෂිකලා නටරාජන් අධිකරණයට පැමිණෙන මාර්ගයේ සහ අධිකරණය අවට ආරක්ෂාව තර කර තිබු නමුත් අධිකරණය අසලදී ශෂිකලාගේ ආධාරකරුවන් සහ එහි සිටි පිරිස් අතර ගැටුමක් ද හටගෙන ඇත.

කෙසේවෙතත් ආරක්ෂක අංශ මැදිහත්වී එය සමතයකට පත්කර තිබේ.

මේ අනුව ශෂිකලා නටරාජන්ට වසර 4 ක සිර දඩුවමක් සහ කෝටි 10ක දඩ නියමවන අතර වසර 10 ක් තුල දේශපාලනයට පැමිණීම ද තහනම් වනු ඇත.

Related posts

නව අවුරුදු සැමරුමට ප්‍රංශයේ විශේෂ ආරක්ෂාවක්

Mohamed Dilsad

ජනපති ධූරයෙන් නික්මීමට පෙර ට්‍රම්ප් 5 දෙනෙකුට මරණ දණ්ඩනය නියම කරයි

Mohamed Dilsad

ලොව පුරා කොරෝනාමරණ සංඛ්‍යාව 250000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment