ප්‍රමුඛ පුවත 1

දෙදරු මවක් අතුරුදහන්

(UTV|හලාවත) – සාදයකට සහභාගි වීමට කල්පිටියේ සිට මීගමුවට ගිය දෙදරු මවක් අතුරුදහන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කල්පිටිය පොලීසියට පැමිණිල්ලක් ලැබෙයි.

ඊයේ (11) මෙම පැමිණිල්ල කල්පිටිය පොලීසිය වෙත ලැබී තිබේ.

අතුරුදහන්වී ඇත්තේ කල්පිටිය-කන්දකුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව්.ඉෂාරා නිශාදි නැමති වයස අවුරුදු 29 ක් වු දෙදරු මවකි.

පසුගිය 06 වැනිදා රාත්‍රියේ මීගමුව ප්‍රදේශයේ හෝටලයක පවත්වා ඇති සාදයකට සහභාගි වීම සඳහා මෙම කාන්තාව ඇයගේ දරුවන් සහ ස්වාමි පුරුෂයා සමඟ ගොස් ඇත.

එම සාදය 07 වැනිදා අළුයම දක්වා තිබී ඇත.සාදය අවසානයේදී තම බිරිඳ අතුරුදහන්වී ඇති බව ස්වාමි පුරුෂයා දැන ගෙන තිබේ.

පසුව ඔහු මේ බව මීගමුව පොලීසියට පැමිණිලි කර ඇත.

තම බිරිඳට කිසියම් පිරිසක් විසින් ඇය පැහැර ගෙන යන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පැමිණිළිකරු පොලීසිය හමුවේ පවසා තිබේ.

මීගමුව පොලීසිය විසින් තම පැමිණිල්ල සම්බන්ධයෙන් දක්වන්නේ මන්දගාමී ස්වාභාවයක් වන බැවින් ඒ සම්බන්ධයෙන් කල්පිටිය පොලීසියටද පැමිණිලිකළ බවද ඔහු සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව රජය අතීතයේ වැරදි නැවත කළහොත් ඊට හඬ නඟනවා [VIDEO]

Mohamed Dilsad

බඹර ප්‍රහාරයකින් 7 දෙනෙකුට තුවාල

Mohamed Dilsad

පේසාලේ මුහුදේදී බීඩි කොළ තොගයක් සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment