ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුම් 4ක්

(UTV| කොළඹ) – දෙදින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕ චා මහතා සහ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර නිල හමුව ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී මේ පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

2016 වසරේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තායිලන්තයේ කළ සංචාරයේදී ජනාධිපතිතුමා විසින් කරන ලද නිල ආරාධනය පරිදි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණ තිබේ.
ජනාධිපති කාර්යාලය වෙත පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර සහිතව එම පිළිගැනීම සිදුවිය.
නායකයින් අතර සුහද කතා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අවබෝධතා ගිවිසුම් 04 කට ද මින් අනතුරුව නායකයින් ඉදිරියේ අත්සන් තැබීම සිදුවිය.
නීති උල්ලංඝනය කරන පුද්ගලයින් හුවමාරුවට අදාළ නෛතික ගිවිසුමකට පළමුව අත්සන් තැබුණු අතර ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය සහ තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා අතර එම ගිවිසුමට අත්සන් තැබීය.
දෙරට අතර ක්‍රමෝපායික ආර්ථීක හවුල්කාරිත්වය පිළිබදව ගිවිසුමට අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහ තායිලන්ත නියෝජ්‍ය වෙළෙද අමාත්‍යවරිය අත්සන් තැබීය.
තායිලන්ත රජු විසින් ප්‍රචලිත කරන ලද ප්‍රමාණාත්මක භාවය පිළිබද ආර්ථීක දර්ශනය  මත පදනම්ව තිරසර ප්‍රජා සංවර්ධන ආකෘතියක් සදහා වූ ඒකාබද්ධ කි්‍රයාකාරම් වැඩසටහන පිළිබ`ද සහයෝගිතා ගිවිසුමක් ද අත්සන් තැබිණි.
එමෙන්ම ප්‍රාථමික නිෂ්පාදනවල අගය එකතු කිරීම සදහා තාක්ෂණික සහයෝගිතාවය පිළිබද ගිවිසුමට තායිලන්තයේ Kasetsart  විශ්වවිද්‍යාලය සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය අතර අත්සන් තැබීම සිදුවිය

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තැපැල් දෙපාර්තමේන්තුව විසින් පොලීසියට ඉල්ලීමක්

Mohamed Dilsad

සොයා ගත් සියළු මත්ද්‍රව්‍ය එකම දිනයක විනාශ කරන්න සුදානම්

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵල දෙසැම්බර් අවසානයේ දී

Mohamed Dilsad

Leave a Comment