ප්‍රමුඛ පුවත 1

හමුදාවට කලින් තමන් දැනුවත් කරන්න උතුරු මහඇමති කියයි

(UTV|කිලිනොච්චිය) – හමුදා නිලධාරීන්ට තොරතුරු ලබා දීමේදී ඊට පෙර තමා දැනුවත් කරන ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි. විග්නේෂ්වරන් මහතා උතුරේ නිලධාරීන්ට දැනුම් දෙයි.

කිලිනොච්චියේ අද පැවති උත්සවයක් අමතමින් ප්‍රධාන ඇමතිවරයා මේ පිළිබඳව අදහස් පල කළේය.

“හමුදාව අපේ රෝහල්වලින් හරි නිලධාරීන්ගෙන් හරි තොරතුරු ඉල්ලුවොත් කරුණාකරලා මට මුලින්ම කියන්න. ඔයාලා මැදිහත් වෙන්න එපා. එහෙම ඉල්ලුවොත් ඔයාලා කියන්න මහ ඇමති කියලා තියෙන්නේ එයාව දැනුවත් නොකර කිසිම තොරතුරක් දෙන්න එපා කියලා. හමුදාව ඇයි එහෙම තොරතුරු ඉල්ලන්නේ කියලා බලලා පස්සේ තොරතුරු දෙන්න කටයුතු කරනවා. ඒ හින්දා හමුදාව ඉල්ලුවා කියලා බයවෙලා තොරතුරු දෙන්න එපා”  යනුවෙන් සඳහන් කර තිබේ.

“ඒ වගේම මම කියන්න කැමතියි මධ්‍යම රජයෙන් එක පාලනයක් වෙනවා පළාත් සභාවෙන් තවත් පාලනයක් වෙනවා මේ දෙකටම අමතරව තුන්වන පාලනය විදිහට දැන් ආණ්ඩුකාරවරයාගේ පාලනයත් ඇවිල්ලා. මේ සියල්ලෙන්ම අපහසුතාවයට පත් වෙන්නේ අපේ ජනතාවයි. ඒක නිසා තමයි අපි ෆෙඩරල් ව්‍යවස්ථාවක් ඉල්ලන්නේ. මීට අමතරව පළාත් 9ටම ස්වයං පාලනයක් අවශ්‍යයි කියලා ඉල්ලීමක් කරන්නත් ඕන” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශී‍්‍ර ලංකා – දකුණු කොරියානු ජනපතිවරු අතර නිල හමුවට පෙර අනපේක්ෂිත මිත‍්‍රශීලි හමුවක්

Mohamed Dilsad

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී රෝයි ද සිල්වා මහතා දැයෙන් සමු ගනී

Mohamed Dilsad

රජයට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජයට පත්වෙයි

Mohamed Dilsad

Leave a Comment