ප්‍රමුඛ පුවත 1

කල්පිටිය ප්‍රදේශය එළවළු හා පලතුරු නිෂ්පාදන කෘෂිකාර්මික කලාපයක් ලෙස නම් කිරීමට පියවර

(UTV| කොළඹ) – අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි කල්පිටිය, තලවිල ප්‍රදේශයේ ගොවීන්ගේ ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (12) පස්වරුවේ තලවිල ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

විශේෂයෙන්ම පලතුරු සහ එළවළු සහ විශාල වශයෙන් වගාකරන මෙම ප්‍රදේශයේ ගොවි ජනතාව විසින් අපට අවශ්‍ය සමස්ත එළවළුවලින් 25%ක් සපයනු ලබයි. නමුත් මෙම ගොවීන් කාලයක පටන් මුහුණදුන් විදුලිබලය පිළිබඳ අර්බුදය විසඳීම සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ට්‍රාන්ස්ෆෝමර් 22ක් සවිකර මෙම ප්‍රදේශයට අඛණ්බව විදුලිය සැපයීම සඳහා විදුලිබලමණ්ඩලයට නියෝග කර තිබෙන අතර ඔක්තොම්බර් මාසය වනවිට අඛණ්ඩව විදුලිය ලබාදීමේ වැඩපිළිවෙල ඇරඹෙන බව අමාත්‍යවරයා කීය.

එමෙන්ම කල්පිටිය ප්‍රදේශය එළවළු සහ පලතුරු නිෂ්පාදන කලාපයක් වශයෙන් නම් කිරීමට කටයුතු කරන ලෙස ගොවි ජනතාව ඉල්ලා සිටියේ ය. ඒ අනුව කල්පිටිය ප්‍රදේශය එළවළු සහ පලතුරු නිෂ්පාදන කලාපයක් ලෙස නම්කර ගැසට් කිරීමට පියවර ගන්නා බව ඇමතිවරයා කීය. මේ වනවිට මෙම ප්‍රදේශයේ ඇතැම් පොහොර අලෙවිකරුවන් ගොවීන් සූරාකමින්, පොහොර මිටියක් රු.3000ක පමණ මුදලකට අලෙවි කරන බව ගොවීන් ප්‍රකාශ කළේ ය. ඒ අනුව වැඩි මිලට පොහොර අලෙවි කරන පොහොර ඒජන්සිකරුවන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට වහාම පියවර ගන්නා ලෙසට අමාත්‍යවරයා පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දෙනු ලැබී ය. එමෙන්ම කල්පිටිය ප්‍රදේශයට අවශ්‍ය පොහොර ඉතා ඉක්මනින් සපයන ලෙස රජයට අයත් කොමර්ෂල් පොහොර සමාගමට අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබී ය.

එමෙන්ම දැනට තලවිල ප්‍රදේශයේ ස්ථාපිත  කර තිබෙන සූර්ය බල පද්ධතිය විටින්විට විසන්ධි වන බැවින් ඒ සඳහා ස්ථීර විසඳුමක් වහාම ලබාදෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලයට නියෝග කරනු ලැබී ය.

මෙම සාකච්ඡාවට වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍ය සුමල් තිසේරා මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමති සාගල ජාතික ආරක්ෂාව සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ ලන්ඩන් නුවර වැඩමුළුවට සහභාගීවෙයි

Mohamed Dilsad

ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රානි සේනාරත්න මහත්මියගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.

Mohamed Dilsad

මාකඳුරේ මධූෂ්ව ඇපමත මුදාහරින්නැයි ඔහුගේ නීතිඥයගෙන් ඉල්ලීමක්.

Mohamed Dilsad

Leave a Comment