ප්‍රමුඛ පුවත 1

බිළිඳෙකු විකිණීමට උත්සාහ කළ සිව් දෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – අලුත උපන් බිළිඳකු මුදලට විකිණීමට උත්සාහ කළ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

දින 15ක් වයසැති අදාළ බිළිඳා රුපියල් දෙලක්ෂ දසදහසකට අලෙවි කිරීමට සැළසුම් කර තිබූ බව සඳහන්ය.

අදාළ බිලිඳාගේ මව, මිත්තණිය, සීයා හා තැරැව්කාර කාන්තාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

සැකකාරියන් හා සැකකරු රාගම හා මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

රාගම පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පක්ෂ නායක රැස්වීම අවසන් – සන්ධාන නායකයින් අදත් නැහැ..

Mohamed Dilsad

TNA කොන්දේසි ඉදිරිපත් කර නෑ – මරික්කාර් [VIDEO]

Mohamed Dilsad

කොරෝනා රෝගයෙන් ලොව පුරා මිය ගිය ගණන හෙළි කරයි

Mohamed Dilsad

Leave a Comment