ක්‍රීඩාප්‍රමුඛ පුවත 1

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය පින්නදුවට

(UTV|ගාල්ල) – ගාලූ නගරය ලෝක උරුම නගර ලැයිස්තුවෙන් ඉවත්වීමේ අවදානමක් පවතින බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධනමහතා පවසයි.

ඒ ගාලූ කොටුව සහ ඒ ආශී‍්‍රත ප‍්‍රදේශයේ ඇති අවිධිමත් ඉදිකිරීම් හේතුවෙනි.

යුනෙස්කෝව ඒ පිළිබඳ රජයට අවස්ථා කිහිපයකදි දැනුම් දී ඇති බැවින් ගාලූ කොටුවේ සහ අවට අවිධිමත් ලෙස ඉදිකළ ගොඩනැගිලි ගණනාවක් ඉවත් කරන බවද අමාත්‍යවරයා පැවසීය.

ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රඩාංගනය වටා ඇති ගොඩනැගිලි ද ඒ අනුව ඉවත් කිරීමට නියමිතයි.

එලෙස ගොඩනැගිලි ඉවත් කිරීමත් සමග එම කී‍්‍රඩාංගනය ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනයක් ලෙස පවත්වා ගෙන යාමට නොහැකි වේ. එම කි‍්‍රඩංගනය ඉදිරියේදි ගාල්ල නගරයේ පාසල්වල සිසුන්ගේ පරිහරණයට වෙන් කෙරෙන බවයි අමාත්‍යවරයා කි්යා සිටියේ.

එමෙන්ම ගාල්ල පින්නදුව ප‍්‍රදේශයේ නව ජාත්‍යන්තර කි‍්‍රකට් කි‍්‍රඩාංගනයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍ය වජිර අබේවර්ධන පැවසීය.ඒ සඳහා දැනටමත් අක්කර 50ක භූමි ප‍්‍රදේශයක් වෙන් කර  ඇති බව අමාතයවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහාචාර්ය අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකන් සහ ජෙඩා දක්වා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

නිතිඥ නාගහනන්දගෙන් ප්‍රතිශෝධන පෙත්සමක්…

Mohamed Dilsad

Leave a Comment