ප්‍රමුඛ පුවත 1

පළමුවරට කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළක්

(UTV|හපුතලේ) – ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ක්‍රියාත්මක කිරීමට යෝජිත කෘෂි ව්‍යවසායකත්ව  ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය 21දා හපුතලේ, කහත්තේවෙළ ගම්මානයෙන් ඇරඹීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරෙන “අපි වවලයි – අපි කන්නේ” වගා සංවර්ධන වැඩසටහන යටතේ මෙම ආදර්ශ කෘෂි ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා ප්‍රථම ගම්මානය වශයෙන් සංවර්ධනය කෙරෙනුයේ හපුතලේ කහත්තේවෙළ ගම්මානයයි.
රුපියල් මිලියන 80ක මුදලක් මේ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වැය කරනු ලබයි. ඒ අනුව කහත්තේවෙළ ගමේ පිහිටි ප්‍රධාන ඇළ මාර්ග වන යටල ඇළ හා සිරිමල්වත්ත යාය ඇළ දෙක පූර්ණ ප්‍රතිසංවර්ධනය කෙරේ. මීට අමතරව ආගමික සිද්ධස්ථාන භූමි, කෘෂි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, වනසතුන්ගෙන් භෝග ආරක්ෂා කර ගැනීම සඳහා විදුලි වැට සැකසීම, කහත්තේවෙළ පලතුරු ගම්මානය පිහිටුවීම, කෘෂි යන්ත්‍රෝපකරණ ලබා දීම, ආරක්ෂිත ගෘහ හෙවත් පොලිටනල් යටතේ වගා කිරීම, මී මැසි පාලනය, කෘෂි මාර්ග සංවර්ධනය, කොස් පැළ 5000ක් හමුදා අංශවල සහයෝගය ඇති රෝපණය කිරීම, ආරක්ෂිතව ගබඩා කිරීම, අලෙවි මධ්‍යස්ථාන  ආදි වැඩසටහන් රැසක් මෙහිදී ක්‍රියාත්මක කෙරේ.
කහත්තේවෙළ ගම්මානය යනු හපුතලේ ආසනයේ පිහිටි සුන්දර ගම්මානයකි. පවුල් 160ක් පමණ වෙසෙන මෙම ගම්මානයේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ කෘෂිකර්මාන්තයයි. නමුත් මෙතෙක් මෙම ගම්මානයේ යටිතල පහසුකම් නැංවීම සඳහා කිසිදු පියවරක් ගෙන නොතිබුණි.
එම නිසා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මෙම ගම්මානය කෘෂි ව්‍යවසායකත්ව  ආදර්ශ ප්‍රථම ගම්මානය වශයෙන් සංවර්ධනය කෙරෙන අතර මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යන ලෙසත්, ඊට අදාළ මුදල් ප්‍රතිපාදන තමන් ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂි ගම්මාන ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනේ අතිරේක ලේකම් නිමල්කා ඩයස් මහත්මියට උපදෙස් දෙනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උදයංග වීරතුංග රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

පීඩන බෝම්බයක් සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සොයා ගැනේ.

Mohamed Dilsad

හංසමාලිගේ 26 වැනි උපන්දින සැමරුමේ ඡයාරූප මෙන්න

Mohamed Dilsad

Leave a Comment