ප්‍රමුඛ පුවත 1

ජනපති ජෝජියාවට ලඟා වෙයි

(UTV|ජෝජියාව) – ඉතාලියේ තෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපතිවරයා එම සංචාරය නිම කරමින් අද (17) අලුයම ජෝර්ජියාවේ ෂෝටා රුස්ටවේලි ටිබිලිසි ජාත්‍යන්තර ගුවන් තොටුපළ (Shota Rustaveli Tbilisi International Airport) වෙත ළඟා විය.

ගුවන් තොටුපළේ දී එරට නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ජෝර්ජ් ශර්වාෂිද්සේ (George Sharvashidze)  මහතා ඇතුළු නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගනු ලැබීය.

විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව සමුළුව හෙට (18) පෙරවරුවේ ටිබිලිසි සම්මන්ත‍්‍රණ සහ සමුළු ශාලාවේ දී ඇරඹෙන අතර හෙට දිනයේම සමුළුව අමතන ජනාධිපතිතුමා මෙම හවුල්කාරීත්ව අරමුණු සාක්ෂාත් කර ගැනීමට ශ‍්‍රී ලංකාව මේ වන විට ගෙන ඇති සාධනීය පියවරයන් පිළිබඳව අදහස් දැක්වීමට නියමිතය.

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය, (OGP) පුරවැසියන් කෙරෙහි රජය දක්වන විනිවිද භාවය, වගවීම, මහජන සහභාගිත්වය වැඩිදියුණු කිරීම උදෙසා සැකසුණු යාන්ත‍්‍රණයකි.

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය 2011 වර්ෂයේ දී ජාත්‍යන්තර මට්ටමින් විධිමත්වත්ව ස්ථාපිත කෙරුණු අතර වර්තමාන රජය විසින් ගෙන යනු ලබන යහපාලන වැඩපිළිවෙළ අගයමින් එකී හවුල්කාරිත්වය සමග එක් වන ලෙස ලැබුණු ආරාධනාව අනුව 2015 වසරේ දී ශ‍්‍රී ලංකාව ඒ හා එක් විය. ශ‍්‍රී ලංකාව එහි සාමාජිකත්වය ලබාගත් ප‍්‍රථම දකුණු ආසියාතික රට ද වෙයි.

මේ වන විට ලෝකයේ රාජ්‍යයන් 75 ක් විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

දූෂණ විරෝධය, සිවිල් අවකාශය සහ රාජ්‍ය සේවාව ශක්තිමත් කිරීම යන අරමුණු ඉටු කර ගැනීමේ දී පවතින අභියෝග සහ එම අභියෝග ජය ගැනීම සඳහා ගෝලීය වශයෙන් සාමුහික ව ගතයුතු ප‍්‍රයත්නයන් පිළිබඳ මෙවර රාජ්‍ය නායක හමුවේ දී පුළුල් අවධානයක් යොමු කෙරෙනු ඇත.

මෙම තෙදින නිල සංචාරයට ජනාධිපතිතුමා සමග රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න හා නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරු ද එක් ව සිටිති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මධ්‍යම පළාත් සභා මන්ත්‍රී උවයිස් මහතා ගින්තොට සිද්ධිය බලන්න යයි

Mohamed Dilsad

ඇලොසියස්-පලිසේන ඇතුළු සිව්දෙනකුට නොතීසී.

Mohamed Dilsad

මාකඳුරේ මධූෂ්ව ඇපමත මුදාහරින්නැයි ඔහුගේ නීතිඥයගෙන් ඉල්ලීමක්.

Mohamed Dilsad

Leave a Comment