ප්‍රමුඛ පුවත 1

නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියට තහනමක්

(UTV| කොළඹ) – පසුගිය කාල වකවානුව තුළ ආන්දෝලනාත්ම ප්‍රකාශයන් සිදුකල නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියගේ සිය සංගමයේ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරිමට මාසික රැස්වීමේ දී ඒකමතිකව තීරණය කළ බව හලාවත නිතිඥ සංගමය කියයි.

ඇය විසින් විවිධ අවස්ථාවල දී මෙරට අධිකරණ පද්ධතියටත් විනිසුරුවරුන්ටත් මෙරට නීතිඥවරුන්ට හා හලාවත නීතිඥ සංගමයේ ඇතැම් සාමාජිකයින්ටත් අපහාස වන ලෙසින් විවිධ ප්‍රකාශ කර ඇති බවට, සිය සංගමයට ලද පැමිණිලි අනුව සභා රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර මෙම තීරණය ගත් බවත් එම සංගමය පවසයි.

එසේම ඇය කර ඇති ප්‍රකාශයන් සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා ගැනීම සඳහා සිය සංගමයේ සාමාජිකත්වය ඇති ජ්‍යෙෂ්ඨ නිතිඥවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කළ බවද එම සංගමය කියයි.

මේ අනුව එම වාර්තාව ලැබෙන තෙක් ඇගේ, සංගමයේ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරිමටත් ඔවුන් විධිමත් පරික්ෂණයක් සිදුකර වාර්තාව ලබාදුන් පසු නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියගෙන් කරුණු විමසා බැලිමට කටයුතු කෙරෙන බවද එම සංගමය වැඩි දුරටත් අවධාරණය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් නිලධාරියෙක් පිස්තෝලයකින් වෙඩි තබාගෙන සිය දිවි නසා ගෙන

Mohamed Dilsad

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ධුරය ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතාට

Mohamed Dilsad

වත්මන් ආරක්‍ෂක තත්ත්වය ගැන දින දෙකක විවාදයක්

Mohamed Dilsad

Leave a Comment