ප්‍රමුඛ පුවත 1

සමජ මාධ්‍ය ජාල හරහා පැතිර යන නව වෛරසය ගැන ඔබ දැනුවත්ද?

(UTV| කොළඹ) – මේ දින වල ෆේස්බුක්, ට්විටර් සමාජ මාධ්‍ය ජාල හරහා වේගයෙන් පැතිර යන වෛරසයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරිඝණක විශේෂඥයින් අනතුරු ඇඟවීමක් කරයි.

මෙම වෛරසය ඒ ලොව පුරා ජනප්‍රිය වූ ප්‍රහසන නළුවෙක් වන රෝවන් ඇට්කින්සන් (Rowan Atkinson) හෙවත් Mr. Bean මිය ගොස් ඇති බවට වන සාවද්‍ය පුවතක්  “FOX BREAKING NEWS” යන ශිර්ෂ පාඨයෙන් පරිඝණක හැකර්වරුන් විසින් පළකරයි.

එම පුවත click කළ වහාම එම වෛරසය පැතිරී යාම සිදුවන බවට අනාවරණය කරගෙන ඇත.

මෙම වෛරස් ප්‍රහාරයට ගොදුරු වුව හොත් අදාළ පරිඝණකය යථා තත්ත්වයට පත් කර ගැනීමට එම හැකර් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින්ට මුදල් ගෙවීමට පවා සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් ෆේස්බුක්, ට්විටර් සමාජ මාධ්‍ය ජාල හරහා පැතිරී යන මෙම වෛරස් ප්‍රහාරයෙන් ආරක්ෂා වන්නැයි අන්තර්ජාතික සයිබර් ආරක්ෂණ ඒකකය ලොවපුරා ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

කොරෝනා  රෝගයේ  අලුත්ම තත්වය

Mohamed Dilsad

ඇඳිරි නීතියට අදාළව රජයෙන් විශේෂ දැනුම් දීමක් [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment