ප්‍රමුඛ පුවත 1

කළුගඟ රන් දියවර රැඳවුම් මංගල්‍යය අද ජනපති ප‍්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – 21 වන සියවසේ මෙරට වාරි විශ්මිතය ලෙස හැඳින්වෙන මොරගහකන්ද – කළුගඟ මහා ජලාශ ව්‍යාපෘතියෙහි කළුගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍යය සහ රජ රටට – කඳුරට එක් කරන මොරගහකන්ද – කළුගඟ උමං මාර්ගයේ ඉදිකිරීම් ඇරඹීම අද (23) පෙරවරුවේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවෙයි.

මොරගහකන්ද සම්බන්ධ අනෙක් මහා ජලාශය කළුගඟ ජලාශයයි. මාතලේ දිස්ති‍්‍රක්කයට අයත් දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටි ප‍්‍රදේශයේ කලුපහන ප‍්‍රදේශයෙන් ආරම්භ වන කළුගඟ ලග්ගල- පල්ලේගම ප‍්‍රදේශයේ දී හරස් කරමින් කළුගඟ ජලාශය නිර්මාණය වේ. මෙහි සම්පූර්ණ ධාරිතාවය ඝන මීටර් දස ලක්ෂ 248කි. එනම් අක්කර අඩිවලින් 200,880 කි. මෙම ජලාශයේ ප‍්‍රධාන වේල්ලේ දිග මීටර් 618 ක් වන අතර උස මීටර් 68කි. වේල්ලේ මුදුණත පළල මීටර් 8ක් වේ. මෙහි අනෙකුත් සැඳලි වේල්ල ජලාශයට දකුණු පස ඉදිවන අතර එහි දිග මීටර් 28ක් වන අතර උස මීටර් 719කි. ජල පෝෂක ප‍්‍රදේශය වර්ග කි.මි 128 ක් වන අතර ජලාශයේ වර්ග ප‍්‍රමාණය වර්ග කි.මි. 14.5 කි.

කළුගඟ පහළ නිම්න ප‍්‍රදේශයේ නැවත පදිංචි කරනු ලබන පවුල් 3,000 ක් සඳහා කළුගඟ ජලාශයෙන් ජලය සැපයෙන අතර, පැරණි හත්තොට අමුණෙන් ජලය ගෙන ගොස් සංවර්ධනය කරන ලද අක්කර 2,000ක පමණ ප‍්‍රමාණයක් තිරසරව වගා කිරීම සඳහා අවශ්‍ය ජලය සැපැයීමෙන් අනතුරුව අතිරික්ත ජල ප‍්‍රමාණය මොරගහකන්ද ජලාශය වෙත නිකුත් කිරීමට සැලසුම් කර ඇත.
මොරගහකන්ද – කළුගඟ ජලාශ සම්බන්ධ කෙරෙන කිලෝ මීටර් 9 ක් දිග උමග සහිත ඇල මාර්ගයේ ඉදිකිරීම් හෙට ඇරඹෙන්නේ ද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙනි.

මෙම ඇළ මාර්ගය මගින් කළුගඟ ජලාශයේ පිරෙන ජලය තත්ත්පරයකට ඝන මීටර් 35ක් මොරගහකන්ද ජලාශයට ගමන් කරයි. මෙම උමගේ පළල අඩි 25 ක් වන අතර, ඇලේ පළල අඩි 25 කි. එය මාස 36 කදී ඉදිකිරීමට අපේක්ෂිත අතර මෙහි සියලු සැලැසුම් පරිසර හිතකාමී අයුරින් නිර්මාණය වීම විශේෂත්වයකි.

කළුගඟ ජලාශය නිර්මාණය වීම හේතුවෙන් මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියේ ඉහළ ඇළහැර ඇළ මගින් මහකනදරාව දක්වා ගෙන යන ජල ප‍්‍රමාණය හා පැරැණි අඹන් ගඟ, යෝධ ඇළ හරහා මින්නේරිය, ගිරිතලේ කවුඩුල්ල, කන්තලේ දක්වා ගෙන යන ජල ප‍්‍රමාණය තවත් වර්ධනය වී ඒ ප‍්‍රදේශවල කෘෂිකර්මික සංවර්ධනය තව දුරටත් පුළුල් වේ. මේ හැර පැරණි අඹන් ගඟ ඔස්සේ බෝවතැන්න ජලාශයේ සිට මොරගහකන්ද ඇළහැර අමුණ ප‍්‍රදේශයෙන් ගලා ගිය ජල ප‍්‍රමාණය වයඹ ප‍්‍රදේශයේ පවුල් 40,000 කට පමණ වසර පුරා තිරසර ලෙස වගා කිරීමටත් අනෙකුත් පානීය හා කර්මාන්ත සඳහා අවශ්‍ය ජලය සැපැයීමටත් හැකි වනුයේ කළුගඟ ජලාශයේ ජලය මොරගහකන්ද ජලාශය වෙත සැපැයීමට හැකි වීම නිසාය.

මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතිය මගින් මෙගා වොට් 25 විදුලි බල ධාරිතාවක් ජාතික විදුලබල පද්ධතියට එක් කෙරේ. මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට බහු කාර්ය ව්‍යාපෘතියකින් ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 25ක් එක් කිරීමේ ඓතිහාසික අවස්ථාව සනිටුහන් කිරීම ද ඒ අනුව හෙට ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරේ.

ඒ සමගම මීටර් 845ක් දිග මොරගහකන්ද මහා වේල්ලේ කෙළවර මහ කළු ගලේ නෙළන ලද අඩි 27 ක් උස අවුකන බුදු පිළිමයේ අනුරුව වන්දනා මාන සඳහා නිරාවරණය කිරීම ද හෙට ජනාධිපතිතුමා අතින් සිදු කෙරෙයි.

එමෙන්ම මොරාගහකන්ද ජලාශය කුලසිංහ ජලාශය ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් නම් කරනු ලැබීමේ සුවිශේෂී කටයුත්ත ද හෙට සිදු වේ.

ඒ මෙරටට අනන්‍ය වූ නව තාක්ෂණික ඉදිකිරීම් ක‍්‍රම නිර්මාණය කළ ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ ඉංජිනේරුවාණන් සැමරීම පිණිසය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීති පර්යේෂණ ඒකකය විවෘත කිරීමට සුදානම්

Mohamed Dilsad

TNA ජනපති සමඟ සාකච්ඡාවක

Mohamed Dilsad

වාද්දූව සහ සීනිගම රථ වාහන ගමනාගමනය සීමා වෙයි

Mohamed Dilsad

Leave a Comment