ප්‍රමුඛ පුවත 1

යුද්ධයෙන් පීඩාවට පත් වූ ජනතාවගේ ජීවිත ගොඩනගන්න රැකියා විසි පන්දහසක් – ඇමති රිෂාඩ් බදියුදීන්

(UTV|යාපනය) – යුද්ධයෙන් පීඩාවට පත් වූ උතුරු පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම අප සියලු දෙනාගේ වගකීමක් වෙනවා. ඒ වෙනුවෙන් රැකියා 25,000ක් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කරනවා යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

යුද්ධයෙන් පීඩාවට පත් උතුරු පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් ස්වයං රැකියාවල නිරතවූවන් සඳහා මූල්‍යාධාර සහ උපකරණ ලබා දීම වෙනුවෙන්, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, යාපනය නගර සභා ක්‍රීඩාංගණයේදී ඊයේ( 22) පැවති උත්සවයක දී අමාත්‍යවරයා මේ අදහස් පළ කෙළේය.

අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය.” රැකියා 25000ක් ලබා දීමේ වැඩසටහනේ මූලික කටයුතු කරගෙන යනවා. ත්‍රස්තවාදීන්ට බයේ අපේ රට ඇතෑරලා විදේශගතව ව්‍යාපාර කටයුතු කරන අයට අපි ආරාධනා කරනවා යළි අපේ රටේ ව්‍යාපාර ආරම්භ කරන්න කියලා. නැවත අපේ රටට ඇවිත් ආරම්භ කරන ව්‍යාපාර සඳහා තාවකාලික බදු සහන ලබා දීම කෙරෙහිද රජයේ අවධානය යොමු ව තිබෙනවා. මේ රටේ තරුණ තරුණියන්ගෙන් මම ඉල්ලා සිටින්නේ රජයේ රැකියාවක් ලැබෙන තෙක් බලා නොසිට තම උත්සාහයෙන් නැගීසිටීමට කටයුතු කරන්න කියලා. අප අමාත්‍යාංශය යටතේ තියෙන ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය, කාර්මික සංවර්ධන මණ්ඩලය යන ආයතනවලින් ඔබට අවශ්‍ය උදව් ගන්න පුලුවන්. ස්වයං රැකියා ඇරඹීමට අවශ්‍ය පුහුණුව තාක්ෂණික දැනුම, සහ මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා එම ආයතන ඔබට මග පෙන්වාවි”.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ සංකල්පයක් මත කාර්මික සංවර්ධන මණ්ඩලයේ සංවිධානයෙන් ක්‍රියාත්මක “දිවියට උදාන” වැඩසටහනට සමගාමීව ආධාර ලබා දීමේ උත්සවය පැවැත්විණි. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේෂ්වරන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද සහභාගී වූහ.

 [alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පර්පචුවෙල් ටෙ‍්‍රෂරිස් සමාගම වංචාවක් කල බව හෙළි වෙයි

Mohamed Dilsad

සෞඛ්‍ය ඇමැති ඉන්දියාවට

Mohamed Dilsad

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මුතූර් තරුණ සංගමය රැස්වේ

Mohamed Dilsad

Leave a Comment