ප්‍රමුඛ පුවත 1

බස් අනතුරකින් 19ක් රෝහලේ

(UTV|මැදවච්චිය) –  මැදවච්චිය, පූනෑව නාවික හමුදා කදවුර අසළදී බස් රථයක් මාර්යෙන් ඉවතට පැන ගසක වැදීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද(25) අළුයම මෙම අනතුර සිදුව ඇති බව මැදවච්චිය පොලීසිය පවසයි.

අනතුරට කලවා ඇත්තේ කොළඹ සිට පුදුකුඩිඉරිප්පු බලා ධාවනය වු බස් රථයකි.

රියදුරුට නින්දයාම හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී ඇති බව පොලිසිය පැවසීය.

තුවාල ලැබූවන් වව්නියාව රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලීසිය සඳහන් කළේය.

පොලීසිය පැවසූවේ අනතුරට ලක්වූවන්ගේ තත්ත්වය තරමක් බරපතළ වන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

161 වෙනි උදා ගම්මානය අද ජනතා අයිතියට.

Mohamed Dilsad

අනවශ්‍ය තදබදයක් නොමැතිව විශ්‍රාම වැටුප් ගන්න

Mohamed Dilsad

සමන් දිසානායක රෝහල් ගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment