ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

වනමේයි ඉස්සන් වගාව ආරම්භ කිරීමට අවධානය

(UTV| කොළඹ) – ඇම‍ෙරිකාව , ජපානය සහ යුරෝපිය රටවල විශාල ඉල්ලුමක් ඇති “වනමේයි”  නමැති ඉස්සන් වගාව මෙරට ආරම්භ කිරීමට තීරණය කරයි.

මේ සඳහා මේ වන විටත් ශ්‍රී ලාංකීය ආයෝජකයින් ගණනාවක් ඉදිරිපත්ව සිටින බව වාර්තා වෙයි.

මෙම ජල ජිවි වගාවේ මුලික ආයෝජනය මඟින් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනයෙන් දැනට උපයන විදේශ විනිමය වන ඇම‍ෙරිකානු ඩොලර් මිලියන 280 ක මුදල 750 දක්වා ඉහල නැංවීමට සැලසුම් කර තිබේ.

මෙම  “වනමේයි”  ඉස්සන් වගාවට යෝජිත දැනට ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය සිදුකල පරීක්‍ෂණ වලදී හදුනාගෙන ඇති සහ අදාළ ආයෝජක සමාගම් හදුනාගෙන ඇති ඉඩම් පිලිබඳව සොයාබැලීමට අමාත්‍යවරුන් දෙපල ඇතුළු නියෝජිත කණ්ඩායමක් පසුගියදා  මන්නාරම ඇතුළු උතුරු පළාතේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුහ.

එම භුමි ප්‍රදේශ ජලජිවි වගාව සඳහා වඩාත් සුදුසු බවට හදුනාගෙන තිබේ .

මේ අනුව අදාළ ආයෝජන සමාගම් අක්කර 3000 ක විශාල භුමි ප්‍රදේශයක ඉස්සන් සහ කකුළුවන් වගා කර එම වගාවන් ආශ්‍රිතව ලබාගන්නා මත්ස්‍ය අස්වැන්න ආශ්‍රිත නිෂ්පාදන මෙලෙස අපනයන කිරීමට සැලසුම් කර ඇති බව රජය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාව ශ්‍රීලංකාවට දුන් සහතිකය

Mohamed Dilsad

අගමැතිවරයා වියට්නාමයට

Mohamed Dilsad

ගෝඨාභයගේ හදවත් සැත්කම නිසා සති 06 විවේකයක් අවශ්‍ය බව අධිකරණයට දන්වයි

Mohamed Dilsad

Leave a Comment