(UTV| කොළඹ) – 2017 වසරේ හරිත බලශක්ති ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය වෙත “හරිත බලශක්තිශූරයා 2017” සම්මානය ප්රදානය කිරීමේ අවස්ථාව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්රධානත්වයෙන්ඊයේ (26) පස්වරුවේ කොළඹ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පැවැත්විණි.
ජර්මානු ජනරජයේ විදේශ කටයුතු කාර්යාලය සහ විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය එක්ව මෙම තරගය සංවිධානය කරන ලදී.
සමස්ත ලංකා මට්ටමින්කි්රයාත්මකවූ මෙම තරගාවලියේ අරමුණවූයේ මෙරට බලශක්ති අරපිරිමැස්මෙන්සහ පුනර්ජනනීය බලශක්ති පරිහරණය සම්බන්ධයෙන්වන නවඅදහස් හඳුනාගැනීම සහ කි‍්‍රයාත්මක කිරීමයි.
2017 වසරේ හරිත බලශක්තිශූරයා තරගාවලිය සඳහා ගෘහ ඒකක, පළාත්පාලනආයතන, විශ්වවිද්‍යාල, රාජ්‍ය ආයතන සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ආයතන 80 කට වැඩි සංඛ්‍යාවක් සිය යෝජනා ඉදිරිපත් කළහ.
මෙම තරගාවලියේ ජය ලැබූ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයට තමන් ඉදිරිපත් කළ පුනර්ජනනීය බලශක්ති යෝජනාවලිය සඳහා රුපියල් මිලියන 10ක් සහ එම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම සඳහා තාක්ෂණික සහයෝගය හිමි විය. සූර්ය බලය, ජීව වායු සහ බලශක්ති අරපිරිමැස්ම ඉලක්කකරගත් යෝජනාවක් ශී‍්‍ර ලංකා සංවර්ධන පරිපාලන ආයතනය විසින් ඉදිරිපත්කර තිබුණි.
මේ අතර මෙම තරඟාවලියේ දෙවන ස්ථානය හිමිකරගත් දියගල බෝයිස්ටවුන් කණ්ඩායම වෙත සම්මානය සහ රුපියල් මිලියන 2.5 ක් වටිනා තාක්ෂණික උපකරණ පිළිගැන්වීම සහ තෙවන ස්ථානය හිමිකරගත් මඩකලපුව නගර සභාව වෙත සම්මානය සහ රුපියල් මිලියන 1.5 ක් වටිනා උපකරණ පිරිනැමීම ජනාධිපතිතුමා අතින්සිදුවිය.
අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, ජනාධිපති ලේකම උදය ආර්. සෙනවිරත්න, ජර්මානු තානාපති ජෝන් රෝඩ යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් වසන්තා පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]