ප්‍රමුඛ පුවත 1

සිසුන් පිරිසක් බලහත්කාරයෙන් සරසවි භූමියේ

(UTV|මහනුවර) – පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිසුන් පිරිසක් තවදුරටත් බලහත්කාරයෙන් රැඳී සිටින බවට එහි පාලනාධිකාරිය පවසයි.

එහි සියලු පීඨ මාස 2ක කාලයක් සඳහා ඊයේ(27) වසා දැමුණි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, 50 දෙනෙකුගෙන් යුත් සිසුන් කණ්ඩායමක් එලෙස රැඳී සිටින බව ය.

ඔවුන්ට ඉවත් වන ලෙස අවස්ථා ගණනාවකදී දැනුම් දී ඇති අතර සිසුන්ගේ දෙමව්පියන්ට ද මේ පිළිබඳව දැනුවත් කර ඇති බව එම නිලධාරියා පැවසුවේ ය.

සිය නියෝග නොතකා තවදුරටත් විශ්වවිද්‍යාල භූමියේ රැඳී සිටින සිසුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද එම බලධාරියා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විගණන සේවා පනත ගැසට් කිරීමට සුදානම්

Mohamed Dilsad

සයිබර් ප්‍රහාරයට ලක්වූ වෙබ් අඩවි වලින් 90% ක් යළි යථා තත්ත්වයට

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂ අද CID හමුවට

Mohamed Dilsad

Leave a Comment