ප්‍රමුඛ පුවත 1

බන්ධනාගාර බුද්ධි අංශය ඉදිරියට ඕනෙද නැද්ද කියලා තීරණයක් ගන්නවා – ඇමති තලතා කියයි

(UTV|රත්නපුරය) – ඉදිරිටය බන්ධනාගාර බුද්ධි අංශයක් පවත්වාගෙන යා යුතුද නැද්ද යන්න පිළිබඳව තමන් තීරණක් ගන්න බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අමාත්‍යතුමිය මේ අදහස් පළකළේ ඊයේ දින රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය”බුද්ධි අංශයක් අවශ්‍ය නෑනේ ඇතුලේ කුඩු තියෙනවා නම්, දුරකථන පහසුකම් තියෙනවානම්, බුද්ධි අංශය මුවාවෙන් වෙන වෙන වැඩකටයුතු වෙනවානම් මට ගොඩක් පැමිණිලි ඒ සම්බන්ධයෙන් ලැබිලා තියෙනවා. ඉදිරියට මොකක්ද කරන්නේ කියන දේ ගැන මම තාමත් තීරණයක් අරන් නෑ. අද වුනත් ඇතුලේ ඉන්න අය මම දන්න අයට කතාකරලා තියෙනවා. ඒ කියන්නේ බුද්ධි අංශය අසමත් වෙලා තියෙනවා. බුද්ධි අංශයට යම් යම් පාලනය කරන්න බැරි දේවල් ඇති ඇතැම් බුද්ධි අංශය හොයාගත් දේවල්වලට දෙපාර්තමේන්තුව හැටියට පියවර අරන් නෑ. බුද්ධි අංශය තියෙනවා නම් බුද්ධි අංශයෙන් ලැබෙන තොරතුරු අනුව වැඩකටයුතු කරන්න ඕනි. එහෙම අංශයකින් වැඩක් නෑ. බන්ධනාගාර බුද්ධි අංශය ඉදිරියට පවත්වගෙන යනවද නැද්ද කියලා මම තීරණයක් ගන්නවා”.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොටස් වෙළදපොළේ මිල දර්ශක ඉහළට.

Mohamed Dilsad

නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු ඇරඹේ

Mohamed Dilsad

රජයේ නිලධරයන්ගේ ඇදුම් පැළදුම් සම්බන්ධ චක්‍රලේඛයක්

Mohamed Dilsad

Leave a Comment