ප්‍රමුඛ පුවත 1

පොලිසියේ පිරිසකට උසස්වීම්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් අටදෙනෙක් නියොජ්‍ය පොලිස්පති තනතුරට උසස්කර තිබේ.

ජාතික පොලිස් කොමිෂම විසින් මෙම උසස්වීම් ලබාදී ඇත්තේ පොලිස්පති පූජිත ජයසුන්දරගේ නිර්දේශයන් මත බව ශ්‍රී ලංකා පොලිසිය සදහන් කරයි.

ජ්‍යෙෂ්ඨතාව සහ කුසලතාව පදනම්කර ගනිමින් අදාල උසස්වීම් සිදුකල බව සඳහන්ය.

ඒ අනුව ඩී. ජේ. එන්. ජයවර්ධන , එල්. එස්. පතිනායක , ටී. එම්. ඩබ්. ඩී. තෙන්නකෝන් , ඩබ්. ජේ. ජාගොඩ ආරච්චි සහ පී. මුණසිංහ යන හය දෙනා පසුගිය වසරේ මාර්තු 31 වන දින සිට බලපැවැත්වෙන පරිදි පත්වීම සිදුකර තිබේ.

එල්. එෆ්. ඒ. ආර්. ජේ. සිල්වා , ජී. එස් වල්ගම සහ එම්. එච්. මාර්සෝ යන තිදෙනා 2016 වසරේ ජූනි 10වෙනි දින සිට බලපැවැත්වෙන පරිදි අදාල තනතුරට උසස්කර ඇත.

Related posts

යාපනය චාවකච්චේරි නගර සභාවට පොහොට්ටුව ඇප මුදල් බදී

Mohamed Dilsad

අතුරළියේ රතන හිමියන්ට සහ විජේදාස රාජපක්ෂටත් විනය පරීක්‍ෂණ [VIDEO]

Mohamed Dilsad

කසුන් පලිසේන – අර්ජුන් ඇලෝසියස් යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment