විදෙස්

ට්‍රම්ප්ගේ උපදේශකයින් පිරිසක් ඉල්ලා අස්වෙයි

(උදයම්,ඇමෙරිකා) –  සංක්‍රමණික ප්‍රතිපත්තිය ඇතුළු ජනාධිපති ට්‍රම්ප්ගේ ඇතැම් ප්‍රතිපත්තිවලට විරෝධය පා ඔහුගේ උපදේශකයෝ දස දෙනෙක් ඉල්ලා අස් වෙති.
විශේෂයෙන් මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවලින් සංක්‍රමණිකයින් පැමිණීම වළක්වාලීමට එරෙහිව ට්‍රම්ප් ගත් පියවරට ඔවුන් විරෝධය පල කර ඇති බව වාර්තාවේ.

ආසියානු – ඇමරිකානු සහ පැසිෆික් දිවයින් පිළිබද ට්‍රම්ප්ගේ උපදේශක කමිටු සාමාජිකයන් පිරිසක් මෙලෙස ඉවත් වූ බව විදෙස් වාර්තා සදහන් කරයි.

මෙම උපදේශකයන්ගේ නිල කාලසීමාව මේ වසරේ සැප්තැම්බර් 30 වනදා දක්වා පැවතුණ ද පෙබරවාරි 15 වනදා සිට බලපැවැත්වෙන පරිදි ඔවුන් ඉවත්වී ඇත.

Related posts

Google සේවකයින් 48ක් නෙරපයි

Mohamed Dilsad

රොබෝවරුන් නිසා 2030 දී රැකියා මිලියන 20 ක් අවදානමට

Mohamed Dilsad

කොරෝනා හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment