ප්‍රමුඛ පුවත 1

අධිකරණ ඇමතිනිය සහ ඇෆ්ගනිස්ථාන තානාපති අතර හමුවක්.

(UTV| කොළඹ) – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන තානාපති Munir Ghiosy මහතා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී ඊයේ (30) සිදු විය.

එහිදී දෙරට අතර අධිකරණ පද්ධතියේ සංවර්ධනය නීතිමය දැනුම හුවමාරු කර ගැනීම පිළිබදව අදහස් හුවමාරු විය.

වත්මන් රජය අධිකරණ යටිතල පහසුකම් සංවර්ධනය ස්වාධීන අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා ගෙන ඇති පියවර පිළිබදව අමාත්‍යවරිය විසින් තානාපතිවරයා දැනුවත් කරනු ලැබීය.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා දිර්ඝ කාලයක සිට පැවත එන බවත් එය තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සදහා කටයුතු කළ යුතු බවත් මෙහිදී අවධාරණ විය.

ස්වාධීන අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර පිළිබදව අගය කරන බවත් තම රටේ උපරිම සහයෝගය ඒ සදහා ලබා දෙන බවත් තානාපතිවරයා එහිදී සදහන් කළේය.

ශ්‍රී ලංකා රජය අධිකරණ පද්ධතිය ස්වාධින කර නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සදහා ගෙන ඇති පියවර තම රටට ද ආදර්ශයක් බව ද තානාපතිවරයා පැවසීය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/07/MINISTER-THALATHA-07-31-02-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/07/MINISTER-THALATHA-07-31-03-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

TNA සජිත්ට සහය දැක්වීම නිසා රාජපක්ෂවාදීන් බොරු ප්‍රචාරය කරනවා [VIDEO]

Mohamed Dilsad

කලුතරදී දුම්රියක් පීළිපැනීමෙන් ධාවනයට බාධා…

Mohamed Dilsad

34 වන මානව හිමිකම් සැසිය ජිනීවාහිදී අද ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment