(UTV| කොළඹ) – අග්රාමාත්යවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (01) පස්වරුවේ අරලියගහ මන්දිරයේදි පැවැත්වීමට නියමිතය.
ඒ ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්රමවේදය පිළිබඳව තීරණයක් ගැනීම සඳහාය.
පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්රමවේදය පිළිබඳව ඒ ඒ දේශපාලන පක්ෂ නායකයින් දරණ ස්ථාවරය මෙම පක්ෂ නායක රැස්වීමේදී ඉදිරිපත් කරනු ඇත.
පසුගිය බ්රහස්පතින්දා පැවති පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබඳව එකඟතාවකට පැමිණීමට හැකියාවක් ලැබුණේ නැත.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]