ප්‍රමුඛ පුවත 1

මිල අධික පිළිකා ඖෂධ ඇතුලු තවත් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 25 ක මිල පහතට

(UTV| කොළඹ)  – මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව තවත් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 25 ක මිල අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ජිවිත ආරක්ෂක ප්‍රතිජීවක, දියවැඩියා ඖෂධ හා උපකරණ, පුරස්ථී ග්‍රන්ථි රෝග ඖෂධ, ඇදුම හා ශ්වසන අපහසුතා සදහා භාවිත කරන ඖෂධ, වේදනා නාශක, ස්නායු ගත රෝග සහ මිල අධික පිළිකා ඖෂධ වර්ග 10 ක මිල මෙලෙස අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් 2016 වසරේ දී අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කර රෝගී ජනතාවට විශාල සහනයක් ලබාදෙන ලදි. එහිදී විවිධ විවිධ වෙළෙද නාමයන්ගෙන් යුත් ඖෂධ 272 ක මිල අඩු වී ඇත.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 900 ක් වැය වෙයි. ශ්‍රී ලංකාවේ සාර්ව රාජ්‍ය අනුග්‍රහය සහිත නොමිලේ සේවාවන් පිරිනමනු ලබන සෞඛ්‍ය සේවා පද්ධතියක් ඇති නමුත් අපගේ රෝගී ජනතාවගෙන් පිරිසක් පෞද්ගලික අංශය වෙතින් බාහිර රෝගී ප්‍රතිකාර ලබා ගනී.

රෝග වලින් බොහෝමයක් දිගු කාලීන ප්‍රතිකාර අවශ්‍ය වන නිදන්ගත රෝගී තත්ත්වයන් වන අතර, බෝනොවන රෝග වල වැඩිවිමත් සමග මෙම මුල්‍යමය පීඩාව පවා වැඩි වී ඇත.

ඖෂධ මිල දී ගැනීමේ දී මිල ප්‍රධාන තීරණාත්මක සාධකය වෙයි. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා දුප්පතුන්ට හිතවාදී සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක කිරීමේ සංකල්පය යටතේ ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව ප්‍රතිජීවක, වේදනා නාශක, දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග, ඇතුලු රෝග රැසක් සදහා භාවිත කරන අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල 2016 වසරේ දී අඩු කරන ලදි. එමගින් රෝගීන් වෙත සැළකිය යුතු අන්දමේ සහනයක් ලැබී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලේ වැඩ ජනපති අතින් අද ඇරඹේ

Mohamed Dilsad

මුලතිව් ජනතාව විරෝධතාව දැක්වුයේ කාටද?

Mohamed Dilsad

බඹර ප්‍රහාරයකින් කාන්තාවන් 8 ක් රෝහලට

Mohamed Dilsad

Leave a Comment