ප්‍රමුඛ පුවත 1

පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් අද දිවයිනට

(UTV| කොළඹ) – පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අද(01) දිවයිනට පැමිණීමට නියමිත ය.

සිව් දින නිල සංචාරයක් සඳහාය.

2016 වසරේ අප්‍රේල් මස මහ ලේකම් ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසුව ඇය මෙරට සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙය බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

මහ ලේකම්වරිය අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන් හමුවීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් අතර වෙළෙඳාම වැඩි දියුණු කිරීම හා ලන්ඩනයේදී පවත්වන ලද 2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේදී එකඟ වූ කරුණු ක්‍රියාත්මක කිරීමේහිලා සහයෝගීතාව වර්ධනය කර ගැනීම මහ ලේකම්වරියගේ එම හමුවීම්වල අරමුණ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙරොයින් තොගයක් සාම්පුර් වෙරලෙන් සොයා ගනී

Mohamed Dilsad

ගංවතුර ආපදා ගැන විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

අනුරාධපුර මහ රෝහලේ සොරකම පිලිබඳ සෙවීමට පොලිස් කණ්ඩායම් 03 ක්…

Mohamed Dilsad

Leave a Comment