ක්‍රීඩා

බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුළු 7ක ජයක්

(UTV|කැරිබියන් දුපත්) – බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පළමු විස්සයි – විස්ස ක්‍රිකට් තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 7කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (01) සමත් විය.

සාන්ත කිට්ස් හිදී පැවති මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළ අතර බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන තමිම් ඉක්බාල් හා සවුම්ය සරක්කාර් පළමු පන්දුවේම දවා ගනිමින් තරගයේ වැඩි වාසිය ලබා ගැනීමට කොදෙව්වෝ සමත් වූහ.

බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන් හා කඩුලු රකින ක්‍රීඩක මුශ්ෆිකර් රහීම් පිළිවෙළින් ලකුණු 19කට හා ලකුණු 15කට දැවී ගිය පසුව මහමදුල්ලා හා එක්වූ ලිට්න් ඩාස් බංග්ලාදේශ ඉනිම ගොඩනැංවීමේ වගකීම සිය කරට ගෙන ලකුණු රැස්කරන්නට විය.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙදෙනා බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් දෙදෙනා බවට පත්විය. 4 පහර 3ක් හා 6 පහර 2ක් සමඟ ලකුණු 25ක් ලබා ගත් මහමදුල්ලා ඒ සඳහා වැය කළේ පන්දු 27ක් පමණි.

4 පහර 3ක් එල්ල කරමින් ලකුණු 24ක් ලබා ගැනීමට ලිට්න් ඩාස් සමත් විය. අවසානයේ බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 143ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී දකුණතින් මද වේගපන්දු යවන කැස්රික් විලියම්ස් ලකුණු 28කට කඩුලු 4ක් දවා ගන්නා ලදි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලියොනාල් මෙසීට මාස 3ක ජාත්‍යන්තර තරඟ තහනමක්

Mohamed Dilsad

අමතක නොවන ටෙස්ට් තරඟය ගැන කුසල් ජනිත් කියන කතාව

Mohamed Dilsad

මොයින් අලී ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගනියි

Mohamed Dilsad

Leave a Comment