ප්‍රමුඛ පුවත 1

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ උසස්‌වීම් 1014ක් අත්හිටුවන්නැයි උපදෙස්

(UTV| කොළඹ) – දේශපාලන පළිගැනීම්වලට ලක්‌වූ බව පවසමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිර්දේශ කළ එම ක්‍ෂේත්‍රයේ උසස්‌වීම් 1014 ට අදාළව ලබාදුන් තීරණ සියල්ල අත්හිටුවන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව එම අමාත්‍යංශයට ලිඛිතව දැනුම් දී ඇති අතර එම උසස්‌වීම්වලට අදාළව ජනාධිපතිවරයා ලබාදෙන උපදෙස්‌ මත කටයුතු කරන බවද එම කොමිෂන් සභාව දැනුම්දී ඇත.

ව්‍යවස්‌ථා උල්ලංඝනය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම උසස්‌වීම් ලබාදීම සඳහා දැඩි උත්සාහයක්‌ ගත් නමුත් එම අයගේ තොරතුරු යළි පරීක්‍ෂා කිරීමට කමිටුවක්‌ පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම නිසා උසස්‌වීම් දීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශයට සිදුවී ඇත.

මෙම උසස්‌වීම් ලබා දීමට එරෙහිව අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සියලුම වෘත්තීය සංගම් පසුගිය 26 වැනිදා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වෘත්තීය ක්‍රියා මාර්ගය අත්හිටුවනු ලැබුවේ එම සංගම් නියෝජිතයන් ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවකින් පසුවය.

මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා දැනුම් දුන් පරිදි උසස්‌වීම් නිර්දේශිත පුද්ගලයන්ගේ තොරතුරු පරීක්‍ෂා කෙරෙන කමිටුව ඉදිරියේදී පත් කිරීමට නියමිතව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහබැංකු අධිපති ධූරයෙන් ඉවත් වීමට සුදානමින්

Mohamed Dilsad

එජාප රැළිය හේතුවෙන් කොළඹ රථවාහන තදබදයක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසුරුවන්න සුදානම්.ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි

Mohamed Dilsad

Leave a Comment