විදෙස්

ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට පුටින් සහය දුන් බවට බුද්ධි තොරතුරු

(උදයම් , ඇමෙරිකා ) – මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහනය වෙනුවෙන් රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් සහාය දක්වා ඇති බව ඇමෙරිකානු බුද්ධි තොරතුරු හෙළි කරයි.
වාර්තාවක් අනාවරණය කරමින් ඇමෙරිකානු බුද්ධි තොරතුරු හෙළිකර ඇත්තේ රුසියානු ජනාධිපතිවරයා මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් බලපෑමක් කිරීම සඳහා අණලබාදී ඇති බවයි.
පිටු 25කින් යුතු මෙම වාර්තාව පෙන්වා දී ඇත්තේ ක්‍රෙම්ලීනය පැහැදිලිවම ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත කැමැත්තෙන් සිට ඇති බවයි.
එහිදී, ඩිමොක්‍රටික් පක්ෂය කෙරෙහි පැවති ජනතා කැමැත්ත අවතක්සේරු කිරීම මෙන්ම, ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ පත්වීම වැළැක්වීම කෙරෙහි ක්‍රෙම්ලීනය හිතාමතා කටයුතු කර ඇති බවත් එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වාදී තිබේ.
මේ සම්බන්ධයෙන් මොස්කව් පාලනය මෙතෙක් කිසිවක් පවසා නැත.
නමුත් ඇමෙරිකානු මැතිවරණයට රුසියාවේ අතපෙවීම සම්බන්ධයෙන් එල්ල කෙරුණු චෝදනා මුල සිටම ඔවුන් ප්‍රතික්ෂේප කළේය.

Related posts

මාලදිවයින් ජනපති සියළු චෝදනා වලින් නිදහස්

Mohamed Dilsad

කොරෝනා එන්නත අපනයනයට ඉන්දියාව සූදානමින්

Mohamed Dilsad

අතුරුදන්ව සිටි ජැක් මා යළිත් කරළියට

Mohamed Dilsad

Leave a Comment