ප්‍රමුඛ පුවත 1

මරණ දඬුවම කිසිසේත් පිළිගත නොහැකියි – පාප්වහන්සේ කියයි

(UTV| කොළඹ) – “මරණ දඬුවම” පිළිගත නොහැක්කක් බවත් ඒ අනුව කතෝලික පල්ලියේ ඉගැන්වීම් යාවත්කාලීන වනු ඇති බවත් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ප්‍රකාශ කර ඇති බව වතිකානුව ප්‍රකාශ කරයි.

මරණ දඬුවම පිළිබඳ කතෝලික පල්ලියේ ඉගැන්වීම්වල වෙනසක් සිදුකරමින් සියලූම ආකාරයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කිසිසේත් පිළිගත නොහැකි බව උන්වහන්සේ ප්‍රකාශ කර ඇත.

ඇතැම් අවස්ථාවන් සඳහා මරණ දඬුවම යොදාගත හැකි බවට මීට පෙර දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේගේ සමයේදී ප්‍රකාශ කර තිබී ඇති අතර මරණ දඬුවම පිළිබඳව කතෝලික පල්ලියේ මතය නූතන යුගයේ ප්‍රවණතාවන්ට ගැලපෙන පරිදි සැකසිය යුතු බවටද පසුගිය ඔක්තෝම්බරයේ අදහසක් පළ වී ඇත.

කතෝලික පල්ලියේ ඉගැන්වීම්වලට අනුව ඇතැම් අවස්ථාවලදී මරණ දඬුවම පිළිගැනුණි.

ඒ සියලු කරුණු සැලකිල්ලට ගෙන ඊට පිළිතුරු ලෙස පාප් වහන්සේ මරණ දඬුවම පිළිබඳව සිය මතය තිරසාර ලෙස ප්‍රකාශ කර තිබේ.

මිනිසත් බවේ නොකෙලෙසිය යුතු ගරුත්වයට එරෙහි වන මරණ දඬුවම මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන අතර, ලොව පුරා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව කතෝලික පල්ලිය කටයුතු කළ යුතු බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අවධාරණය කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් සේවක වර්ජනය ක්‍රියාත්මකයි

Mohamed Dilsad

“සිඟිති සිතැඳි රූ” සිතුවම් දැක්ම ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ඕමාන් තානාපති කාර්යාලයෙන් ගාස්තු රහිත දුරකතන සම්බන්ධතාවයක්

Mohamed Dilsad

Leave a Comment