ප්‍රමුඛ පුවත 1

“වැව් දහසක් -ගම් දහසක්” වැඩසටහනේ තවත් වැැව් ප්‍රතිසංස්කරණයක් අද සහ හෙට

(UTV|පොළොන්නරුව) – කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන “අපි වවලයි අපි කන්නේ” කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙළ යටතේ වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා “වැව් දහසක් ගම් දහසක් ”ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙන අතර මෙම වැඩපිළිවෙළ යටතේ පළමු අදියර වශයෙන් වැව් 370ක් ප්‍රතිසංවර්ධනය කෙරෙන අතර එම වැව් යටතේ 297 වැනි වැව වශයෙන් හිඟුරක්ගොඩ, කටුකැලියාව පහළ සියඹලා වැව සහ එම වැව යටතේ පිහිටි ගමේ යටිතල පහසුකම් නංවාලීම අද (04) දින ඇරඹීමට නියමිතය.

මෙම වැඩපිළිවෙලේ 298 වන වැව වශයෙන් මාතලේ ඊරියගොල්ල වැවත්, 299 වන වැව වශයෙන් මාතලේ පල්ලේපොල බෝවේරුව වැව සහ එම වැව් යටතේ පිහිටි ගම්මානවල යටිතල පහසුකම් නංවාලීම හෙට (05) සිදු කෙරේ.
මෙම කටයුතු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන අතර එම අවස්ථාවන්ට  කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයන් සහ නිලධාරීන් රැසක් සහභාගිවීමට නියමිතය.
මෙම එක් වැවක් සංවර්ධනය සඳහා රු.මි. 05ක් බැගින් වෙන් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මදුෂ්ගේ තීන්දුව යලි කල් යයි.

Mohamed Dilsad

අමීත් ඇතුළු 08 දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

පුත්තලම ප්‍රාදේශීය සභා සභාපති රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment